(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක නිරෝධායනයට ලක්කළ අටුලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනා අද (13) නිවෙස් කරා පිටත් කර හරින බව කලුතර දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා පැවසීය.
අටුලුගම මාරාව ප්‍රදේශයෙන් ඉකුත් 26 වෙනිදා කොරෝනා ආසාදිත රෝගියෙකු හමු වීමත් සමඟ ඔහු සමඟ ඇසුරු කළ මෙම පුද්ගලයන් 20 දෙනා හදුනාගෙන ඉකුත් 28 වෙනිදා නිරෝධායනය සඳහා යොමු කෙරිණි.
දින16 කට ආසන්න කාලයක් එම පිරිස මෙම මධ්‍යස්ථානයේ රඳවාගෙන ඊයේ 12 දින වන තෙක් පරීක්ෂණ කිහිපයකට භාජනය කළද කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහල නොවීම හේතුවෙන් ඔවුන් නිවෙස් කරා පිටත් කිරීමේ තීරණය ගත්බව අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික යැව්වට පස්සේ අල්ලලා බැඳලා තියන්න වේවි. නැත්නම් මී හරක් වගේ රටපුරා දුවයි.
මම කවදාවත් මිනිස්සුන්ට අපහාස කරලා නැහැ. මිනිස් වෙසින් ඉන්න හරකුන්ට මිසක් අනුන්ට කමෙන්ට් දමන්න ඉස්සෙල්ලා ලංකාදීපේ කියවනවා නම් 9 වෙනිදා කතුවැකිය බලන්න. ගොඩක් නොදන්නා දේ දැනගන්න පුළුවන්...