IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නිරෝධායනය අවසන් කළ 172ක් ඉරණමඩුවෙන් පිටව යති

 

සිතුම් චතුරංග

විදේශගතව පැමිණ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 172 ක් සාර්ථකව නිරෝධායනය අවසන් කර අද (4) ගම්බිම් බලා පිටව ගිය බව ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් රොහාන් පතිරණ මහතා පැවසීය.

මෙම පිරිස පසුගිය මාර්තු 20 වැනිදා විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර එලෙස පැමිණි පුද්ගලයින් දින 14ක කාලයක් සාර්ථකව නිරෝධායනය අවසන් කොට එලෙස පිටව යන බව පැවසීය.

කොවිඩ් 19 රෝගය පැතිරවීම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත ගුවන් හමුදා කඳවුරු කිහිපයක නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කොට පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකළ බවත් එහිදී ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ද්‍රව්‍ය , වයිෆයි ඇතුළු දුරකථන පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සියල්ල ලබාදුන් බවද සඳහන් කළේය.

මෙලෙස නිරෝධායනයට පැමිණි පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් දඹදිව වන්දනාවේ ගොස් සිටි පුද්ගලයින් බවත් ඔවුන් අතරින් බහුතරයක් වයෝවෘද පුද්ගලයින් වන බැවින් ඔවුන් හට තිබූ විවිධවූ නිදන්ගත රෝග සඳහා ඖෂධ නොතිබීමෙන් ගුවන් හමුදාව විසින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කොට ඔවුනට පැය 24 කාලයම අවශ්‍ය විශේෂ වෛද්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවන පරිදි වෛද්‍ය ඒකකයක්ද පිහිටුවීමට කටයුතුකරනු ලැබු බවද කීය.

විශේෂයෙන් මේ සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය , කිලිනොච්චිය පොලිසිය හා අනෙකුත් රාජ්‍ය ආයතන වලින් විශේෂ සහයෝගයක් ලැබීම හේතුවෙන් මෙම පිරිස සාර්ථකව නිරෝධායනයට යොමුකර ගම්බිම් බලා පිටත්කිරීමට හැකිවූ පැවසූ අතර ඔවුන් තවදුරටත් නිවෙස්තුල දින 14 කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද ඉණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

නිරෝධායනය අවසන් කළ 172ක් ඉරණමඩුවෙන් පිටව යති

අනුර Sunday, 05 April 2020 02:16 AM

ගෙදර ගියත් දින 14 අවධානයෙන් සිටින්න.

:       0       30

rasika Sunday, 05 April 2020 12:21 PM

ඩෙංගු මර්දනයට හොදම වෙලාව...

:       0       11

Chathuri Sunday, 05 April 2020 02:23 PM

දින 14 හිටිය කියල මේ වයිරසය ඇග ඇතුලේ නැහැ කියන්නේ කොහොමද දින 14 පස්සේ තමයි පිට දමන්නේ. මාසයක්වත් ඉන්න ඕන. එහෙම ඉඳල රුදිර පරිකශාවක් කරලා මේ කට්ටිය පිටත් කරන්න නැතිනම් මේ කට්ටිය දින 14 පස්සේ මුළු රටම වනසනවා

:       9       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site