(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු හේතුවෙන් නවතා දමා ඇතැයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙලෙස නඩත්තු කටයුතු සදහා නවතා ඇත්තේ ලක්විජය බලාගාරයෙ පළමු හා දෙවැනි අදියර ජනන යන්ත්‍රයි.

දෙවැනි ඒකකයේ ජනන යන්ත්‍රය මාසකට පෙර නවතා එහි නඩත්තු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ඔහු කීය.

ඒ සමගම පළමු අදියරේ ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිද වැටීමක් හේතුවෙන් එහි කටයුතු මේ වන විට නැවතී ඇති බවත් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට ලක්විජය ඉංජීනේරුවන් කටයුතු කරමින් ඇති බවත් ඔහු පැවැසීය.

මේ හේතුවෙන් ලක්විජය බලාගාරයෙන් රටේ සමස්ත විදුලි අවශ්‍යතාවට ලබා දුන් මෙගාවට් 900 ක ධාරිතාවයෙන් 600ක් නැවතී යන බවත් එසේ වුවත් මේ දිනවල ජලාශ පිරී තිබීමත් සමග ගැටලුකාරී තත්වයක් මතුව නොමැති බවත් ඉහළ නිලධාරියා කීය.