(චන්දන ප්‍රනාන්දු සහ රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.
ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.
කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් , එම් බණ්ඩාර , සංජීව ප්‍රනාන්දු , ජනිත් ප්‍රනාන්දු , මංජු ප්‍රනාන්දු ඇතුලු පිරිසකි .
හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේළි වෙන්නප්පුව කොට්ඨාස බාර පොලිස් අධිකාරි අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක හැරල්ඩ් රොෂාන් මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රශ්නය මොකක්ද? මන්ත්‍රීන්ගේ ජීවිත විතරද ආරක්ෂා විය යුත්තේ? අපේ ජීවිත ජීවිත නොවෙයිද? අද රටේ තිබෙන තත්වය අනුව හැකියාවක් ඇති අය කාලතුවක්කු කාරෙක බැනගෙන යන්න පුළුවන් නම් එයත් වරදක් නැහැ. දැන් සල්ලි තිබෙන මිනිස්සු ගත යුත්තේ බී.එම්.ඩබ්ලිව් නොවෙයි යුද්ධ ටැංකි. ඉල්ලන්න ඕනෙම කෙනෙකුට තුවක්කු ලයිසන් දෙනවා කියන පක්ෂයකට මම මුදලින් ආධාර කරලා ඡන්දයත් දෙනවා.