
(ශාන්ත රත්නායක )
මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී නැනෝ නයිට්රජන් දියර ගොවිනට ලබා දිම සඳහා ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබාදීම අද සිදු කෙරිණි.
එම පොහොර තොගය අම්පාර ,මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භකර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට නියමිතය.
එම පොහොර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතාට නිලවශයෙන් භාරදීය හුණුපිටියේ පිහිටි සි/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේදී අද (20 ) නිල වශයෙන් සිදුකෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ගවමූත්ර වලට ලංකාවේ මාකට් එක විවෘත වුණාවද්ද මන්දා?
හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේවගේ කතාවක් කියූ බව අන්තර්ජාලයේ පළකර තියෙනවා. "ඇමති කැමති කොම්පැනියෙන්, ටෙන්ඩර් නැතුව රු. බිලියන 9ක නැනෝ නයිට්රජන් ලීටර් මිලියන 2.1ක් මිල දී ගැනීම යනු "කාබනික වගාව" නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක්... කෘෂි රසායන - රසායන පොහොර මිලදී ගැනීමට ඩොලර් නැති නිසා ඇරඹූ ඊනියා ‘කාබනික වගා නාට්‍යය‘ ගොවියා කාබාසිනියා කර, ගොවිතැන විනාශ කර තිබෙනවා. දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරලා, රටපුරා පෙළපාලි, පිකටින්, පඹයෝ පුච්චන තැනකට වැටුණා. ඇමති කැමති කොම්පැණියෙන්, ටෙන්ඩර් නැතුව රු. බිලියන 9ක නැනෝ නයිට්රජන් ලීටර් මිලියන 2.1ක් මිලදී ගැනීම යනු "කාබනික වගාව" නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක්. පොහොර මිලදී ගැනීමට ඩොලර් නැති නිසා ඇරඹූ ඊනියා ‘කාබනික වගා නාට්‍යය‘ ගොවියා කාබාසිනියා කර, ගොවිතැන විනාශ කර තිබෙනවා. දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරලා, රටපුරා පෙළපාලි, පිකටින්, පඹයින් පුච්චන තැනකට වැටුණා. ගොවියත් විනාශයි. රටත් විනාශයි. හැබැයි ගජ මිතුරෝ විතරක් ගොඩ යනවා." උපුටාගැනීම අවසන්...
ඇමැති සහ ලේකම්ගේ හිතුමනාපෙට කිසිම විනිවිද බවක් නැතිව රුපියල් බිලියන 11ක් විතර වියදම් කරලා මේ දහජරාව ගෙනැල්ලා තියෙන්නේ..
"ගනුදෙණුවේ වටිනාකම රුපියල් බිලියන 9 යි. තවත් බිලියන 3 ක මිලදී ගැනීම් සඳහා සුදානම් වෙනවා. අර්බුදයක් ඇති කරලා, රටක් හූරාගෙන කෑමේ ව්‍යාපෘතියට හොඳම උදාහරණයක් තමයි ගොවියාට කාබනික පෙන්නලා වැඩි මිලට බණ්ඩි පොහොර ගෙන්වීම. සීනි ජාවාරම, පොල්තෙල් ජාවාරම වගේම මගඩියක්. මහ කන්නය පටන්ගන්න වල් නාශක නැති කම නිසා නැගෙනහිර, මහවැලි කලාපවල, මහියංගනය කුඹුරු අතහැර දමලා. උඩරට එළවළු වගාව, මල් වගාව සම්පූර්ණයෙන්ම නැවතිලා. හරිතාගාර වහලා දානවා. වල්නාශක ඕනෑ කාලයට ආණ්ඩුව බන්ඩි පොහොර ගෙනැල්ලා ඒවා ගබඩා ගරගෙන ඉන්නවා. එම්.ඕ.පී. MOP පොහොර අවශ්‍ය කිසිම වගාවකට ඒවා නිකුත් කරන්නේ නෑ. කාබනික ලේබලේ ගහලා ආණ්ඩුවේ භාණ්ඩාගාරය හිස්කරලා තියෙනවා. උඩරට ගොවියන් දිලීර නාශක - කෘමි නාශක ඉල්ලනවා. ආණ්ඩුව දෙන්නේ නෑ. වියළි කලාපයට වල් නාශක, කෘමි නාශක ඉල්ලනවා. ආණ්ඩුව දෙන්නේ නෑ. රටම පොහොර ඉල්ලනවා. පොහොර නැතිව දියර පොහොර ගෙනැල්ලා මඩිය තර කර ගන්නවා.හෙට අනිද්දාට, තනි සමාගමකට කෘෂි රසායන ඒකාධිකාරය දෙන්න අවශ්‍ය පරිසරය ගොඩ නගාගෙන යනවා. කිරි පිටි, ගෑස්, සීනි ගන්න වගේම තෙල් බෙහෙත් බෝතලයක් ගන්න පෝලිමේ ඉන්න වෙන යුගයක් හැදෙනවා.ගොවියත් විනාශයි."
හිස් ප්ලාස්ටික් බෝතල් ටිකම ඇති රට විනාශ වෙන්න..
ලංකාවේ නිෂ්පාදනයක් වගේයැ ..උත්සවාකාරයෙන් බෙදන්නේ ඒක නිසා නේද? 69 ලක්සයේ කෙනෙක් විම ගැන හිතට හරිම ආඩම්බරයක් දැනෙනවා..අපි මේ පොහොර පිට රටටත් යවමු ජනාදිපති තුමනි.
උතුරු නැගෙනහිරටත් යවන්න ඒ ගොවියෝ පොහොරවලට කරදර කරන මිනිස්සු නොවෙයි ඒ වගේම වකුගඩු රෝගවලින් පෙලෙන මිනිස්සුත් නොවෙයි.