
(පාලිත මඩුගල්ලේ)
උඩදුම්බර ගංගොඩ ගම්මානය නාය යාමෙන් මිය ගිය උඩදුම්බර ද්විතීයික විද්‍යාලයේ සිසු සිසුවියන් තිදෙනාට පින් අනුමෝදම් කිරීමෙ පින්කමක් උඩදුම්බර ද්විතීයික පාසලේදී පැවැත්විණි.
විදුහල්පති උපුල් වීරසේකර, නියෝජ්‍ය විදුහල්පති චමින්ද කුමාරසිරි, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන්ගේ සංවිධායකත්වයෙන් කෙවුල්ගම හේමාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම පින්කම් මාලාව පැවැත්විණි.
පරිත්‍රාණ ධර්ම දේශනයක්, සංඝගත දක්ෂිණාවක් සහ ධර්මදේශනයක් ද මීට ඇතුළත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹවුනට අමා මහ නිවන් සුව ලැබේවා
සියළු දෙනාටම මෙවන් අකල් මරණයක් මින් මතු නොමවේවා.උතුම් නිවනින් සැනසීම ලැබේවා .