(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ වරාය නගරයේදී ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකඳු සහිත ධාවන පථය අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙම ධාවන පථ තුනකින් යුක්ත මෙම ධාවන පථය දිග කිලෝමීටර් 2කකි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය අද (28) ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙය කලම්බු ඩියුන්ස් ධාවන පථය ලෙස නමිකර ඇත. මෙම ධාවන පථය වරාය නගරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතී. එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ඒ.ටී.වී වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝෂයි .හම්බන්තොටටත් එකක් අවශ්‍යයි
කෝටි ගනණක් ණයවෙලා හැදුවේ මේකද ?
මුන් ඔය පස් වලට යට වෙලා පලයන්
පෙර වගේ නැවත දුෂීත පවුල් පාලනය විසින් අසරණ ජනතාවට අධික පීඩනයක් ලබා දෙමින් ,ඔවුන් හා ධනතුන් සුරසැප විඳින සෙල්ලම් පිට්ටනියක් බවට රට නැවත පත් කර හමාරය . ඔවුන් සතුටු වෙද්දී අසරණ ජනතාව කඳුළු හෙලයි .69 තේරුම් ගත නොහැකී වූ සත්‍ය මෙයයි .දැන් ප්‍රමාධය .රැල්ලට නොයා බුද්ධියෙන් කටයුතු නොකිරීමේ විපාක විඳීම ආරම්භ වී ඇත
නැව ගිලුනත් මුන්ට චූන්.
මුන්ට කොරෝනා හැදිලා මැරිලා පලයන්
අප්පලා පුතාලාට බප්පලාට මේක විතරයි අඩු වුනේ .අහිංසක ජනතා බදු මුදලින් යැපෙන ජනතා හිතවාදී අය
ජරාවකාපු රිළව් වගේ මේ අය මේ කරන වැඩ දැක්කාම ඇතිවෙන්නේ ලොකු කළකිරීමක්...
රටට හෙණ ගැහුණත් කමක් නෑ කියලා කාල බීලා හොඳට ජොලි එකේ ඉන්න පවුලක් සහ ඔවුන්ගේ වන්දිභට්ටයෝ සෙට් එකක්. අපි මේ දුක් විඳින්නේ මේ අයගේ සුඛ විහරණය වෙනුවෙන් කියලා මතක් වෙනකොට හිතට එන්නේ පුදුමාකාර සතුටක්.
රට කාලයි තියෙන්නේ...!
ඇඟපත උස මහත් වුණාට ඉතින්, මොළේ වර්ධනය වෙලා තියන ආකාරය අනුව නම් ඉතින් සෙල්ලම් කරනවා හැර වෙන මොනවා කරන්නද? මේ සෙල්ලම් කාර් සෙල්ලම කරන්නත් දක්ෂ බව හොඳට පේනවා. රටේ මෝඩයින්ට ඉතින් පාලකයින් සෙල්ලම් කරනවා බලලා ජොලියෙන් ජීවත් වෙනවාට වඩා වෙන මොන සැපක්ද? මටත් හරිම සතුටුයි රතිඤ්ඤා වැලක් පත්තු කරලා කිරිබතක් උයන්න ඕනෑ දැම්මම.. ?
දෙවෙනි රේස් එක දැක්කාම හිතුණා දිගටම බුරන නිසා කටුවක් කන්න දීලා තියෙනවා කියලා.
මේවා දකිනකකොට දැනෙන සුවය කියා ඵලක් නැත. බුදුසරණයි...!
චීනෙට ඩොලර් බිලියන ගාණක් ණය වෙලා, පෝර්ට් සිටි කියලා බෙර ගැහුවාට, අන්තිමට වුනේ රාජ කුමාරවරුන්ට වැලි සෙල්ලම් කරන්න අක්කර 650 මුහුදු ගොඩ කරලා කාන්තාරයක් හදපු එක විතරයි. රටඉඳි ගස් හිටවලා, ඔටුවන් ටිකකුත් ගෙනත් දැම්මා නම් හරි... එතකොට රාජ කුමාරවරුන්ට බැරියැ බිසෝවරුන් එක්ක රටඉඳි කකා, ඔටුවන් පිට යන්න...
කලිනුත් ඇනගත්තේ මේකෙන්ම තමයි. රේස් පිස්සුව ඇවිල්ලා. හෙට, අනිද්දා තව එකක් හදයි පන්සලක් වටේට...
වැහි නැති හෙණ ගහන්න ඕනේ...
අර පළවෙනි පින්තූරෙ දැක්කාම මට නම් හිනාගියා නවත්තගන්න බැරුවම... නාමල් බේබි ප්‍රසන්න අන්කල්ගේ උකුලේ වාඩිවෙලා ඉන්නවා වගේ පේන්නේ...
ලක්ෂ ගණන් දරුවෝ කන්නේ නැතිව ඉන්න අස්සේ මේ වගේ සෝබන වැඩ කරන්න තරම් මේ මිනිස්සුන්ගේ හිත් මොනතරම් පහත්ද?
වාහනේ බර වෙන්ට පිටි පස්ස සීට් එකේ වැලි ගෝනියක් තිබ්බා වගේ...
මේවා සංචාරකයින් අදින්න හොඳයි තමයි.. නමුත් රටේ සාමාන්‍ය ජනතාව තවමත් අමාරුවෙන් අදින වෙලාවේ මේ වගේ සංදර්ශන පවත්වමින් මේ වෙලාවේ වැඩ පෙන්වන්නේ රෝමයේ නීරෝ වීණා වාදනය කරා වගේ සහ පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වා වගේ කියලා මට හිතුනේ. වෙලාවට හරි දේ ඒ වෙලාවට කරන්නත් හරි නැති දේ නොකරන්නත් දේශපාලකයින් පමණක් නෙවෙයි, අපි කවුරුත් දැනගන්න ඕනෑ දෙයක්... දේශපාලනය කරන අය මෙහෙම හැසිරීම් පෙන්වන්නේ මේ අයට දුක් විඳින අය ගැන වැඩක් නෑ කියලා නේද? මම රජය කරන සාධාරණ දෙයට සාධාරණයි කියනවා. නමුත් මේ කරන්නේ මේ අවස්ථාවට උචිත දෙයක්ද කියන ප්‍රශ්නය අහනවා. මේ හැසිරීම් දැක්කාම ඡන්දය දෙන්න හිත හරි නැති බව කියන්න වෙනවා...
ඉතාම අප්‍රසන්න ජනකයි..
කාටද ආඩම්බර ඉතින්?
"මැති ඇමතියන් සුර සැප විඳිනා මෙරට ... අසරණ දනන් කුසගින්නේ සිටින විට ... බඩුමිල අහසෙ පියඹාලා යයි උඩට ... පින්ගෙන දෙවියනේ .. !!! රට රැක දෙනු අපට ... "
මේ ගොල්ලන්ට මේක විතරයි හරියට කරන්න පුළුවන්.... රෝමය ගිනිගන්න කොට කළ වීනා වැයුම වගේ...
මෙයට රජයේ මුදල් වැය නොවෙන්න ඇති... සංචාරක කර්මාන්තයටත් හොඳයි. නමුත් මොලයක් තියෙන මනුස්සයෙක් නම් රට විනාශ වෙලා තියන වෙලාවක රටට පේන්න වාහනයක් උඩ දඟලන්නේ නැහැ. වැඩේ හොඳ නැති වෙලා රට යන පණිවිඩේ වෙනම එකක් වෙනවා...
මෙතන අර සාරියක් ඇඳගෙන රේස් පැදපු අක්කගේ පින්තූරෙ නෑනේ...
ඕවා තව ටික කාලයයි...
හරිම සතුටුයි... තම පවුලේ සියලු දෙනාටම ඔය වගේ වාහන අරන් දෙන්න ... ලස්සනයි. ජයවේවා..!!!
හාල් නෑ, පොහොර නෑ, කෘමි නාශක නෑ, කිරිපිටි නෑ, පඩි මදි. බඩුමිල වැඩියි කියකියා ඉඳලා බෑ. කන්න ඕනෑ. බොන්න ඕනෑ. වැළිකෙලියේ රස විඳින්න ඕනෑ...
මේවා දැකලා සතුට ඉහවහා ගිය 69 ලක්ෂයෙන් කොටසකට කිරිබත් උයාගන්න වෙලා නැතුව හාල් කාලා පොල්කිරි බිව්වලු...
ප්‍රතිචාර දක්වපු අය මාර්ග නීති හොඳටම පිළිපදිනවද?
අපිට හරියන නායකයෙක් පෙනෙන මානයක නැත. රට වෙනුවෙන් කැපවෙන කෙනෙක් අනාගතයේදී බිහිවුණොත් ලාංකිකයින්ට ජය වේවි.... එතකම් මේ නඩේට හෙණ ගහලා පලයන් කියනවා ඇරෙන්න කිසි දෙයක් නොදනිමි..
මේ පුතාට රට ගියොත් කොහොම හිටිද?
මෙහි ඇති ප්‍රතිචාර කවුරුහරි අවශ්‍ය අයට පෙන්නලා දෙනවානම් ඒ මඟින් එහෙයියන්ගේ මාධ්‍ය වලින් පෙන්වනදේට වැඩිය රටේ ඇති යථාතත්වය තේරුම් ගන්න පුළුවන් වේවි....
ණය ගෙවන්න තියා කන්න හොයාගන්නවත් බැරුව ඉන්න ආණ්ඩුවට මේ වැලි ගොඩදාන්න ගත්තු ණය ගෙවාගන්න බැරුව වරාය දුන්නා වගේ දෙන්න වෙනවා.
"රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්, එගිනි නිවන හැටි සෙවීම වරදක්දැයි මට කියන්"
යකෝ මිනිස්සුන්ට කන්න නැහැ.තොපිට එච්චරයි අඩු.
දැන් නම් මට ප්‍රත්‍යක්ෂයි පොහොට්ටුවේ දේශපාලනයට ආපු වැඩිහරියක් මේ රටට කිසිම වැඩක් නැති ඉදිරියේදී මේ සුන්දර රට ආයෙත් ගොඩ ගන්න නම් බැරි වන විදියට අති විශාල දැවැන්ත විනාශයකට ඇද දාන මහාම මහා කාලකන්නි කල්ලියක් කියාලා. මොකද මුන්ට මේ ගෝටෙක් ඕනි නැහැ උන්ට ඕනි කොහොම හරි බැසිලව මුදුනා කරවලා හොඳ සැප කාර් යාන වාහන මහා මන්දිර හදා ගෙන සුර සැප විදිමින් කාලේ ගෙවන්න. අපි හීනෙකින් වත් මෙහෙම පිස්සෝ රැලක් ඇතිවෙයි කියාලා හිතුවේ නැහැ.
මේ අය සුපිරිම ජොලියේ... ජනතාව කුසගින්නේ, හාමතේ..
මේවා දකින අයට මොනවා හිතෙයිද කියලා මේ අයට හිතන්න මොලයක් නැද්ද? මිනිස්සුන්ගේ කේන්තිය ඉහ වහා යනවා...