
(නිමන්ති රණසිංහ)
"සිරකරුවෝද මනුශ්‍යයෝය" යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ එකම දම් වැලක ගැටගසා මින්පසු අධිකරණයට ඉදිරිපත් කරන්න එපා" යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් විවෘත අධිකරණයේදී ඊයෙ (21) ප්‍රකාශ කළේය.
එහෙමත් සෞඛ්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින විදේශීය මෙන්ම දේශීය සැකකරුවන් විශාල පිරිසක් මාංචු දමා එක පෙලට දම්වැල් වල ගැටගසා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියා ක්‍රියාකලාපය දැඩි ව දෝෂ දර්ශනයට ලක්කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
සිරකරුවෝද මනුශ්‍යයෝය යනුවෙන් බෝඩ් ගසාගෙන සිට සැකකරුවන් සත්තු රැලක් මෙන් රංචු පිටින් එකම දම්වැලේ දමා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතු බවත් මින් මතු ඒ ආකාරයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකල යුතු බවටත් මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැඩිව අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුතුමාගේ කතාව ඉතාමත් නිවැරදියි.නමට පමණක් බෝඩ් ගසාගෙන මෙවන් දේ නොකළ යුතුයි.හරක් රෑන් සේ එකදිගට දම්වැල් වලින් බැඳ සිරකරුවන් ගෙනයාම නතර කළ යුතුය.
දැන්වත් කරයි ද මන්ද? අපේ පොලිසියනම් කියල වැඩක් නැහැ
ශතකයේ හොඳම කියමන .සිර කරුවෝ ද මනුෂ්‍යයෝය .ඔවුන් පාලනය කරන්නේ අමුනුශ්‍යයෝය .කියලා අලුතින් ලිවුවොත් හොඳයි
දෙවියෙකු මෙන් සිතන මනුෂ්‍යයෙක් වන මහේස්ත්‍රාත් තුමන්ට මගේ ප්‍රමාණය පුදකරමි.
ඔබ හරි. සිරිකරුවෝත් මනුෂ්‍යයෝ යි. ඔවුන් පාලනය කරන්නේ අමනුෂ්‍යයන් බැවින් ඔවුන් හිරේ තුළ සහ ඉන් පසුවත් හැසිරෙන්නේ අමානුෂ්‍යයන් ලෙසයි.
ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත් තුමනි, කිසිම බලපෑමකට අවනත නොවී ඔබතුමා දෙන නිවැරදි හා ආදර්ශමත් තීන්දු හා නියෝග අපි ඉතාමත් අගය කරමු. ඔබ තුමා වැදගත් විනිසුරු තුමෙකි.