
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන බව රත්නායක මහතා පැවැසුවේය. නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලෙසය. ජනධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසමට පැමිණ ඉල්ලීමක්ද කර ඇත.
එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරගනු ඇති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17 ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසමට මැතිවරණය ඇත්තටම තියන්න ඕනි නම් පුළුවන් ඉක්මනට දිනය ප්‍රකාශ කරන ඒක තමයි නුවණට හුරු. මොකද ඒක පරක්කු කරන්න කරන්න අනිත් පැත්තෙන් මොන උප්පරවට්ටි දාවිද කියලා කියන්න බැහැ...
මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට තමන්ට බලය ලැබෙන පළමු දිනයේදීම (ජුලි 17 වෙනිදා) එය නොකර මාසේ අන්තිම වෙනකම් සිටින්නේ ඇයි? මෙය මහා ප්‍රහේලිකාවක්. සමහරවිට මැතිවරණ ලොක්කොත්, පාලක මිනීමරු හොරුන්ට බයේ ඔවුන් කියන කියන දේ කරනවද? නීති ගරුක, අවංක මැතිවරණ නිලධාරීන් කරන්නේ තමන්ට නීතියෙන් ලැබෙන පළමු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. ඔය දිනය තීන්දු කරන්නේ කවුද ශ්‍රී ලංකාවේ? මම හිතන්නේ මැතිවරණ කොමසාරිස් වරයා කියලයි.17 වෙනිදාට ලැබෙන අවස්ථාව මගහැරලා මාසේ අන්තිම වෙනකම් බලාගෙන ඉන්නේ ඇයි? ජනාධිපති කිව්වද?කෙසේවෙතත් 18 වෙනිදායින් පසු ආණ්ඩුව ඡන්දය නොපවත්වා සිටින්නට තවත් මරාලයක් කලොත්... අනිවාර්යයෙන්ම ඒ දුෂිත ක්‍රියාවට මැතිවරණ කොමිසමත් සම්බන්ධයි.
කවුද මේ රත්නායක කියන්නේ? ආණ්ඩුවේ හෙන්චයියෙක්වගේ පෙනෙන්නේ... නැත්නම් 17 වෙනිදාට පුළුවනිනේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන්න. අවුරුදු 4 ක් කිසිවක් නොකර පිනට කමින් සිටින මැතිවරණ කාරයින්ට ඕකවත් කරන්න බැරිද නියම දවසට...?
වසර හතරකට පසුවයි මැතිවරණ කොමිසමට තමන්ගේ රාජකාරිය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒකටත් තවම සූදානම් නැති බවක් තමයි කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට කියන්නේ. ස්වාධීන යයි කියන කොමිෂන් වලට පත්වෙන්නේ රජයට හිතවත් හා රජයේ දේශපාලකයන් සමග ගනුදෙනු කරන පුද්ගලයින් නිසා ඔවුන් රජයේ අවශ්‍යතායට අනුව කටයුතු කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන් රනිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට බියෙන් පසුවන නිසා ඔහුට ව්‍යවස්ථා ගැටයක් හරහා ජනාධිපතිවරණය කඩුල්ල පැන ගන්න අවස්ථාවක් ලබා දෙන්න කොමිෂන් සභාවේ සාමාජික ගැත්තන් කල්යල් බලන්න සූදානම් වන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා වහා වහා මැතිවරණය පවත්වන්න සුදානම් කරන ලෙස සමස්ත ඡන්ද දායකයන් ඔවුනට බලකර සිටිය යුතුය.