
(විමුක්ති එස් රුද්‍රිගු)
නේපාලයට ඇතිව තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ සිදුවූ නාය යාමකින් මගී ප්‍රවාහන බස් රථ දෙකක් අද (12) ත්‍රිශුලි ගංගාවට වැටිම හේතුවෙන් 10 දෙනකු මියගොස් තවත් 50 දෙනකු අතුරුදන්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
අනතුර අද (12) එරට වේලාවෙන් පාන්දර 3.30 ට පමණ සිදුව ඇති බවත් චිට්වාන් දිස්ත්‍රික්කයේ නර්යන්ගත් මුග්ලින් මාර්ගයේ කත්මණ්ඩු නුවරට කිලෝ මීටර 100 ක් පමණ දුරින් එම අනතුර සිදුව ඇති බවත් නේපාල මාධ්‍ය සඳහන් කළේය. මගීන් 24 ක් රැගත් එක් බසයක් කත්මණ්ඩු නගරය දෙසට ධාවනය වී ඇති අතර අනෙක් බසය ගෝර් නගරය දෙසට ධාවනය ධාවනය වී ඇත.
ගමන ආරම්භ වන අවස්ථාවේදී මගින් 65 දෙනකු බස් රථ දෙකට ගොඩවී ඇති බවට පද්ධතියේ සටහන් වී තිබුණත් මගදී මගීන් කීදෙනකු එම බස් රථ දෙකට ගොඩ වූවා දැයි පැවැසීමට ක්‍රමයක් නොමැති බවද නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ.
2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි