(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිට නොපෙනෙන බලවේගයක් එතුමාගේ කකුලෙන් අදින බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එලෙස කකුලෙන් අදින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවෙි යැයිද මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට කැමති බවද වෙල්ගම මහතා කීය.
ජනාධිපතිතුමාගේ යෝජනා ක්‍රියාත්මක කළොත් නොපෙනෙන බලවේගය අප්‍රසාදයට පත් වෙන බවත් දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට තනතුරු දෙන්න එපා යැයි තමා ජනපතිට කියන බවත් කුමාර වෙල්ගම මහතා පැවසීය.
"රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය ඇත්තටම හොඳයි.එය අද කාලෙට ගැලපෙන අය වැයක්.මේක ක්‍රියාත්මක කරන්න බැරිද? පුළුවන් ද කියා මා දන්නේ නැහැ. අයවැය පරතරය සියයට සියයයි. ඒකට ණය ගන්න වෙනවා.
පසුගිය අයවැයේ වුනේ මේසෙට ගහපු එක පමණයි. මේ සැරේ එහෙම නොවේවා කියා කියනවා .කෘතහස්ත දේශපාලකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ කරනු ඇතැයි මා සිතනවා"යනුවෙන් ද වෙල්ගම මහතා කීය.
තමා ආණ්ඩුවට යන්නේ නැතැයි ද අවුරුදු හතක් ඇමතිකම් නැතිව හිටපු තමාට දැන් ඇමතිකම් වැඩක් නැතැයිද නමුත් රට ගොඩනැගීමට වාද භේද දුරලා එකතු විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.
චීනය ,ඇමරිකාව ආදී රටවල් උදව් කරන්නේ ලොකු බලාපොරොත්තු ඇතිව නමුත් ඉන්දියාව දැනට ඩොලර් බිලියන 4ක ආධාර ලබා දී තිබෙන බවත් මේ පිළිබඳව අපි" අපේ ලොකු අයියාට" අත් දෙක උත්සාහ වැඳිය යුතු අතර "ලොකු අයියා,මල්ලිලා" හොඳට බලාගන්නා බව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නොපෙනෙන බලවෙිගයක් ගැන වෙල්ගමගෙන් හෙලිදරව්වක්
Thanks Thursday, 01 September 2022 02:32 PM
ඔය නොපෙනෙන බලවෙිගයට බැරිද චීනාට දෙන්න තියෙන අපේ රටේ ණය ඔක්කොම අදෘෂ්‍යමානවම තුරන් කරලා දෙන්න..!
ruwan Thursday, 01 September 2022 04:19 PM
නොපෙනෙන බලවේග පේන එක විතරයි මෙච්චර කල් නැතුව තිබ්බෙ. දැන් ඒ වරමත් ලැබිලා.
fairoos Thursday, 01 September 2022 04:31 PM
අම්මෝ මෙයාගේ බයිලා... ලඟදීම ඇමැතිකමක් හම්බවෙයි වගේ..
වීරවිජේ Thursday, 01 September 2022 04:41 PM
ඔයාට කාවද පේන්නේ... චන්ද්‍රකාවද? ඥාණක්කවද? සෙව්වන්දිවද?