
(අංජුල මහික වීරරත්න)
නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වධන කාර්යාංශයේ අරමුදල් භාවිත කරමින් නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2023-04-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් සංශෝධනය වීම මත නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය සඳහා වන රුපියල් මිලියන 74.63ක ගිවිසුම්ගත වටිනාකම රුපියල් මිලියන 101.81 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව සංශෝධි ඇස්තමේන්තුව යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්‌යාංශය (CECB) මඟින් අදාල නවීකරණය කිරීමේ කටයුතු නිම කිරීමටත් ඒ සඳහා අවශ්‍ය අතිරේක මුදල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වධන කාර්‌යාංශය වෙතින් සලසා ගැනීමටත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නානුඔය දුම්රිය පොළ අලුත් වෙයි