( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මුණුපුරා සමඟ එක්ව නිවස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කරන ගල්තලාවක නිධන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ තැනැත්තියක් බව පොලිසිය කියයි.
එම සැකකාරිය සහ සැකකාර මුණුබුරා සමඟ නිධන් හෑරීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය , හිල්ටි යන්ත්‍රයක් , උල්කටු කීපයක් , වයර් කෝඩ් කීපයක් , ශාන්ති කර්ම සඳහා යොදාගත් බුලත් මැටි පහන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
කාන්තාවක් තවත් කීප දෙනෙකු සමග ඇයගේ නිවස පිටුපස පිහිටි ගල්තලාවක් පුපුරුවා හරිමින් නිදන් හාරමින් සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා මොරගහහේන පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව 119 යතුරුපැදි සංචාරයේ යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමේදී එම කාන්තාව සහ මුණුබුරා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1948 රටේ නිදහසින් පස්සෙ කුල්ල කුජීත වෙච්ච මිනිස්සුන්ට අප්‍රිය වෙච්ච එකම දේශපාලන පක්ෂය පොහොට්ටුව කියල හිතන අය ලයික් කරන්න බලන්න
දැන් පොහොට්ටු සජබ පහළ මට්ටමේ කණ්ඩායම් ස්වයං රැකියා ආරම්භ කරලා, ඒ අතර නිදන් හෑරීම, කසිප්පු නිශ්පාදන බෙදා හැරීම සහ විකිනීම, අයීස් නිශ්පාදනය බෙදා හැරීම සහ විකිනීම වගේ ඒවා අපේ හාන්දුවනේ !
පක්ෂ තහනම ඉවත්කරලද ?
අන්න බලන්න පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න නම්... මේවත් සුදුසුකම්...
මේ සිද්ධිය නිදන් හෑරීමක් ලෙස ඔප්පු කරන්න ඇති හැකියාව ප්‍රශ්න ගතයි.