(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මුගුණුවටවන ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි හය දෙනෙකු හා කැබ් රථයක් සමග හලාවත මුලස්ථාන පොලිසියෙ නිළධාරින් කණ්ඩායමක් මගින් අද (16) අත් අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචි කරුවන් තිදෙනෙකු හා හලාවත, හෙම්මාවතගම හා බිංගිරිය යන ප්‍රදේශ වල පදිංචි කරුවන් තිදෙනෙකු බව කියයි.
මුගුණුවටවන ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක මල්පහන් සුවද දුම් වලින් යහන් සකසා නිදන් හාරමින් ඇති බවට ලැබුන තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියෙ දුෂණ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරි පිරිසක් අදාල ස්ථානය වටලා එහි රැදි සිටි සැකකරුවන් අත් අඩංගුවට ගත් බව කියයි.
අදාල ස්ථානයෙ අඩි 15 වැඩි ගැඹුරට කැණිම් කර තිබු බවත් බුලත් මල් යහන් සකසා නිදන් හැරිමට කටයුතු කරමින් සිටි බව කියයි.
සැකකරුවන් හය දෙනෙකු සමග එම ස්ථානයෙ කැණිම් වලට යොදා ගැනුන ආයුධ තොගයක් සමග මෙම පිරිසට අයත් කැබ් රථයක්ද පොලිස් භාරයකට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හලාවත අධිකරණයට 16 දින ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර මෙම සැකකරුවන් පිළිබදව මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබලියු.ඩි.එස්.පත්මකුමාර මහතාගෙ උපදෙස් මත දුෂණ මර්ධන අංශ ස්ථානාධිපති ඒ.ඩි. දිල්රුක් මහතා සමග නිළධාරින් පිරිසක් එක්ව තිබුනී.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හෑරූ 6ක් දැලේ