
(ගයාන් සූරියආරච්චි)
නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු නිධන් හෑරීමට භාවිතා කල උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ දී නිධන් ලබා ගැනීම සඳහා කැණීම් සිදු කරමින් සිටින අවස්ථාවකදී බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිරිවෙනක හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ඡායා හේමන්ත රණසූරිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිවුරු හොරුන්ට නිසි දඬුවම් දෙන්න. ආගමේ නමින් මහණ වෙනවා. වෘත්තීය පාඨමාලා හදාරනවා... ඊට පස්සේ ජොබ් එකකුයි කාන්තාවකුයි හොයා ගන්නවා. බැරි අය පන්සල පිං කඩයක් කරගන්නවා. දක්ෂයෝ පිටරට පන්සල් දාගෙන ඩොලර් වලට පිං ලබා දෙනවා. මොකුත්ම නැති අය හොරකමේ යනවා. මහනායකලා බෙන්ස් අස්සේ රිංගාගෙන අඳ, ගොළු, බිහිරි වත රකිනවා.
ලංකාවේ සාසනයට මොකද මේ වෙන්නේ අහන අහන තැන දුස්සීල හාමුදුරුවෝ වැහි වැහලා