IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා

(අංජුල මහික වීරරත්න)

නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත ගාල්ලේ දී පැවසීය.

දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට බාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා තරම් පින් කරගත් නායකයෙක් තවත් නැතැයිද අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සමුළුව අමතමින් වජිර අබේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

රටට ජාතියට නායකත්වයක් දුන් ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. සියලු දෙනාම මගහැර යන විට රනිල් රට බාර ගත්තා. හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි පින්කමක් කර තිබේ යැයි මා සිතන්නේ නැහැ. 

යන පාර වෙනස් කළහොත් අමාරුවේ වැටෙන බව ජනාධිපතිතුමා 2020 වසරේදී පැවසුවා. නමුත් ජනතාව ඒ පාර වෙනස් කළා.අප පරාජයට පත්වුණා.

පසුව එක ආසනයකින් ජනාධිපති ධුරයට පත් වී එක්සත් ජාතික පක්ෂය ලෝක දේශපාලන වාර්තාවක් තබා තිබෙනවා. අප කිසි විටෙක බෙදෙන්න හොඳ නැහැ.පොදුජන  ජන පෙරමුණේ සිටින සියලුම මහජන නියෝජිතයන් අපට අවශ්‍යයි. ශ්‍රී ලංකාව ගොඩනගන්නට හැකිවන්නේත් ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගන්නට හැකි වන්නේත් සියලුම පක්ෂ එකතු වුවහොත් පමණයි.

ජනපති රට භාරගත් සැණින් සියලුම දුප්පත් ජනතාවගේ ගිණුමට රුපියල් පහළොස් දහස බැගින් බැර කිරීමට ඔහු සමත් වුණා. එමෙන්ම සහල් කිලෝ දහස බැගින් සෑම පවුලකටම ලබා දෙන්නට හැකියාව ලැබුණා.

ලබන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ඓතිහාසික ජයක් ලබාදිය යුතුව තිබෙනවා. 

2024 වසරේදී ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ඓතිහාසික තීන්දුවක් ගත යුතුව තිබෙනවා. අපට නැවත වැරදි කර ඒවා හදාගන්නට කාලයක් නැහැ.රට ගොඩගන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. අපට ගැලපෙන නොගැලපෙන සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන මේ ගමන යන්නට තීරණය කර තිබෙන්නේ ඒ නිසයි.

ලබන ජනපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඓතිහාසික ජයක් ලබාදිය යුතුයි.

 



අදහස් (16)

නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා

සුපුන් චාමර Tuesday, 09 July 2024 10:23 AM

ඕයි නැගිටිනව. එලි වෙලා...

:       0       0

Shashika51 Tuesday, 09 July 2024 10:26 AM

මේ විදිහට ගියොත් මුගෙ තාත්තාත් රනිල් කියලා මූ කියාවි කොයි වෙලාවේ හරි. අගමැටි වෙන්ඩ බලන් ඉන්න ගාළු හරකා

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 09 July 2024 10:51 AM

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලූ ! ඩි.එස්, ඩඩ්ලි, සර් ජෝන්, ජේ.ආර්, ප්‍රේමදාස වගේම ඩී.බි. ත් රට වනසන්න හවුල් වෙලා අපේ හාමුදුරුවනේ ?

:       0       0

anura Tuesday, 09 July 2024 11:07 AM

මේ වසර දෙක තුල රනිල් මහතා විශාල වැඩ කොටසක් කර රට නිසි මග ගෙනයමින් සිටිනවා නමුත් අපේ රටේ ඉන්න කුහකයින් හා මෝඩයින් එය පිළිගන්න අකමැතියි . ඔන්න ඔහේ ආයෙත් මුන්ට බල්ලෝ බළල්ලු වගේ තෙල් පෝලිම්වල කාගන්න ඇරලා ඔබතුමා ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනයක ඉහල පුටුවකට යන්න. කවද හරි මේ කුහකයින් තමන්කල වරද සිහිකරමින් විඳවාවී .

:       0       0

fairoos Tuesday, 09 July 2024 11:14 AM

අනේ මෙයාගේ කට.මෙදා පාර දැන් පාලිමන්ට් එකේ ඉන්න එකෙකුටවත් චන්දෙ දෙන්න එපා

:       0       0

wedage Tuesday, 09 July 2024 11:16 AM

ඒක තමයි බැසිල් කිව්වේ ණයත් නෑ බයත් නෑ කියලා

:       0       0

anuranga Tuesday, 09 July 2024 11:26 AM

ඔක්කොම හොරු ටික රෙද්ද අස්සෙ දාගෙන? ඒක මරු

:       0       0

Rata Perata Tuesday, 09 July 2024 11:51 AM

මෙන්න මේ මනුස්සයාව මානසික රෝහලකට ගිහින් දාන්න

:       4       23

AChini Tuesday, 09 July 2024 11:58 AM

හොරු ආරක්ෂා කිරීම නිවැරදි ක්‍රියාමාර්ගයක්ද?

:       4       20

Dharshi Tuesday, 09 July 2024 12:00 PM

රනිල් එළිපිටම හොරු එක්ක ආතල් ගන්නවා

:       4       21

රංබොඩ Tuesday, 09 July 2024 12:02 PM

මෙයාටත් ආතක්.පාතක් නැතිි වෙනවා මැතිවරණයෙන් පස්සෙ

:       4       20

Rohana Tuesday, 09 July 2024 12:40 PM

ඔය කියන ඉතිහාසගත ජයග්‍රහනය අවශ්‍යවී තිබෙන්නේ වජිරට මිසක් මම දන්නා වෙන අය නම් බේතකටවත් හොයාගන්න බෑ.

:       0       0

Perera Tuesday, 09 July 2024 12:40 PM

රනිල්ගේ වැරදි මෙයා නිවැරදි කරමින් ඉන්නවා

:       0       0

චන්දිම Tuesday, 09 July 2024 01:23 PM

ඔතනට ගවයෝ රැළක් ඇවිත් ඉන්නවද? මෙයා ඔය කතාව පවත් වන්නේ ගොවිපළක ගවයන් රැළක් ඉදිරියේද නැතිනම් ඔහේ පාරේ යන ගව රැළක් ඉස්සරහද?

:       4       16

ගමේ එකාලා Tuesday, 09 July 2024 04:07 PM

ජනතාව අන්දවන්ඩ හැදුවට වැඩක් වෙන එකක් නැහැ .ඔය කාගේ කාගෙත් පැටිකිරිය අපි හොන්දින් තේරුම් අරගෙනයි තියෙන්නේ ?

:       0       0

ලක්විදු Tuesday, 09 July 2024 07:00 PM

කව්ද ටොමියො මේ.....?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site