IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව  නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කුමන්ත්‍රණය කළැයි කියන ප්‍රධාන සැකකාරිය වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සැකකාරිය මුස්ලිම් කාන්තාවකගේ වෙස් ගෙන ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදීය.

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වෙනි දින එම ඝාතනය සිදුකර තිබූ අතර මේ සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම වැඩ වාසය කළ ඒකල සුගතසිරි හිමි ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නැදගමුවේ මහානාම හිමි ඝාතනය ඝාතනය කිරීමෙන් පසුව එම හිමිට අයත් ඩිපෙන්ඩර් රථයක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සැකකාර හිමි සොරාගෙන විකුණා එකී මුදල් ඩුබායි රාජ්‍යයේ සිටි සැකකාරියගේ ගිණුමට බැට කර තිබූ අතර සැකකාර හිමිගේ ප්‍රකාශ මත එකී වහන දෙක පොලිසිය මගින් සොයාගෙන ඒ සම්බන්ධයෙන් මීගමුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

 



අදහස් (2)

නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු

සෙනෙවිරත්න Friday, 14 March 2025 03:02 AM

මෙන්න පාතාලය , ඝාතන මේ මාස තුන හතරකින් පටන්ගත් දෙයක් වගේ වැලපෙන මැක්ස් වගේ අය මේවත් බලන්න, දැන් මේවහෙලිවෙනවට සතුටුවෙන්න. පාතාලය කලබල වෙලා එළි බහින්නෙ තවදුරටත් මෙහෙම ඉන්න බැරි බව දක්න නිසා කරන දෙයක් කරල නිහඬවෙන්න.

:       2       4

රුවන් Friday, 14 March 2025 11:35 AM

ලංකාවේ ශාසනයත් දැන් දුෂණය වෙලා....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site