
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙි .
ජනාධිපති කාර්යාලයේ පොදු දුරකථන අංකයකට ලැබුණු ඇමතුමකින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබූ දින මෙම බුදු පිළිමය සහ පොත්පත් සොරා ගන්නා ලද බවත් එය නැවත ලබා දීමට අවශ්‍ය බවත්ය.
සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුම ගත් තැනැත්තා පවසා තිබේ.
බුදු පිළිමය සහ පොත්පත් සුරක්ෂිතව තිබෙන බවද දුරකථන ඇමතුම දුන් තැනැත්තා පවසා ඇත.
තමාට ජනාධිපති ලේකම්වරයා ඇමතීමට අවශ්‍ය බව ඔහු පවසා ඇති අතර ජනාධිපති කාර්යාලයේ ඇමතුම ගත් නිලධරයා එම පණිවිඩය ජනාධිපති ලේකම්වරයාට සැල කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ඒ විදියට හරි කථාකරලා කීම හා අවංකවීම අගය කළ යුතුයි...! ඔහුගේ යටිහිතම වදදෙන්න ඇති ඒ පොත් පුස්තකාලයකට දෙන්න තිබුණු ඒවා කියලා..! හුස්ම ගත්තොත් ඒක තද කරගෙන හංඟගෙන තියාගෙන ඉන්න බැහැ කියන එක සනාථ වුණා වගේ..!
අර මනුස්සයා මොනවා වුණත් කතාකරලා කිව්වා. ඔය කරලා තියෙන්නේ ඉතින් වැඩක්...
මීට වැඩිය ටිකක් කල්පනා කරලා ඒ කියූ තැනැත්තාට කිව්වා නම් පොදු තැනක තියලා දුරකථන මාර්ගයෙන්ම තියපු තැන දැනුම් දෙන්න කියලා ලේසියෙන්ම පොත් සහ පිළිමය නැවත ලබාගන්න තිබුණා නේද? වටිනාකම තියෙන්නේ මේවායේද? භාණ්ඩ ගත්තු පුද්ගලයාගේද කියන එක තමයි වැදගත්...
අරගලයේ පට්ට හොරැටික දැන් ටික ටික එලියට එනවා.උන්ට චරිත සහතික දෙන්න තවත් හොරැ ටිකක් බොරැ නම්වලින් කමෙන්ට්ස් දානවා. සේරම අත්අඩංගුවට අරන් හිරේ යවන්න ඕනෑ.
මේවා කියන්න ඔනේ කොන්ඩේ බැදපු චින්නුන්ට. මට හිතුනා පොත් ගිනි තියලා කිව්වාම ආපහු පොත් ටික කොහෙන් හරි මතු වෙයි කියලා
මාරයි නේද ? පිටපත කවුද ලිව්වෙ ඔය දුරකථන ඇමතූමේ?
ඒවා ගිනි ගත්තා කියලා වන්දි ගත්තා නේද
අපේ රටේ දූෂිත නායකයෝ මේ රටෙන් කොයිතරම් දේවල් හොරා කන්ඩ ඇත්ත ද. කටුගෙයි වටිනා පුරාවස්තු ,උතුරෙන් අල්ල ගත්තු රත්තරන් ,රුවන්වැලි සෑයේ චූඩාමානික්‍ය, වටිනා ඉඩකඩම් .?
දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි .මේවායේ ඇත්ත නැත්ත කවුද දන්නේ ?
මේ මාෆියාව හිතන්නේ මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා
ඵලදායී පියවරක් ගන්න නමුත් අත්අඩංගුවට ගන්න !
සාමකාමී ලෙස ක්‍රියාත්මක වූ අරගලය බිහිසුණු හා සැඩ තත්ත්වයකට පත් වුණේ අරලිය ගහ මන්දිරයේ සිට කළ ප්‍රහාරය නිසාමයි.ඒ නිසා සාමකාමීව උද්ඝෝෂනයේ යෙදී සිටි පුද්ගලයින් ඒ බලවත් අසාධාරණය ඉදිරියේ වියරු වැටුණා.එහි එක් ප්‍රතිඵලයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිද්ධිය.ඒවා අර ඉහතකී අනීතික ප්‍රහාරයේ අතුරු ඵල.ඒ සියලුම දේට වගකිවයුත්තන් ගැන කතා නැත්තේ මන්ද ? සාමකාමී මිනිසුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔවුන්ට ලබා දී ඇති නිදහසේ රැස්වීම හා උද්ඝෝෂණ කිරීමේ අයිතියට පහර දුන් මැරයන් හා එයට නායකත්වය දුන් අය නේද රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනිබත් කිරීම ඇතුළු සිදුවූ බොහෝ දේට වගකිවයුතු වන්නේ.මේ ගැන නොසිතීමට තරම් අපගේ රටේ වගකිවයුතු අංශ වල ඉන්නේ බුද්ධි හීනයන්ද ? නොඑසේ නම්,තවමත් රට පාලනය වන්නේ බැසිල් රාජපක්ෂට අවශ්‍ය ආකාරයටද ? තවමත් රටේ සිටින්නේ එදා සිටි ආරක්ෂක ප්‍රධානීන් නොවේද ? රටේ ජනතාවට නීතිය එක ආකාරයකටත්,රට විනාශ කළ බලවතුන්ට තවත් ආකාරයකටත් යෙදවීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත හෝ පැමිණිලි කළ යුතු කාලය එළඹ ඇති බව පෙනේ.
අත්තනයක තමා කොල් කරල ඔය වගෙ වෑඩ කරන්නෙ.
මේවා විස්වාස කරන්න තරම් ජනතාව මෝඩ නැහැ.මේ නාට්‍ය අපිට දැකල හොදට පුරුදුය්.
මන් කොල්ල කාපු බඩු ...
තවත් ලස්සන නාටකයක්.
මට තියෙන පුදුමය පොලිසියෙන් එච්චර ආරක්ශාවක් දාලා තියෙද්දි, ඇවිල්ලා ගිනිත් තියලා පොත් ගොඩකුයි බුදු පිළිමයි අරන් යනකල් පොලිසිය මොකද කලේ කියලා. දැන්නම් හොදටම විශ්වාසයි මේවා තනිකර නාටයක් කියලා
මෙය ආණ්ඩුවේ හදපු කතාන්දරයක්. අරගලකරුවන් අත්අඩංගුවට ගන්න
අපිත් පොඩිකාලේ අපිම හංගපුවා එලියට ගත්තෙත් ඔහොම තමයි. මෙයාලත් පොඩිඋන් වගේ. පවු ළමා කාළයක් තිබිලම නෑ වගේ. හරිම බොලඳයි. එන්න අපිත් රැවටුනා වගේ ඉඳිමු.
හොඳ පූර්වාදර්ශයක්. මහා බැංකුව හොරාකාපු මුදල් සහ අනිත් සියලුම සොරකම් කළ මුදල් වලට ඔය පූර්වාදර්ශයම අනුගමනය කරලා රට දියුණු කරමු.
බෞද්ධකමක්වත් ගෑවිලාවත් නැති අයට මොකටද බුදු පිළිම?
මේකත් එක්තරා නාටකයක් කියලා තමයි අපිට කියන්න පුළුවන්...