(සුජිත් හේවාජුලිගේ )
නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
නීතිපතිවරයාගේ තීරණය පිළිනොගන්නේ නම් ආණ්ඩුව කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා එසේ කටයුතු නොකර ආණ්ඩුව හිතවත් සමාජ මාධ්‍ය යොදාගෙන නීතිපතිවරයාට පහර දීම යුක්ති සහගත නැතැයිද ප්‍රකාශ කළේය.
නීතිපතිවරයා නිදහස් කිරීමට උපදෙස්දී ඇත්තේ ලසන්ත වික්‍රම තුංග මහතාගේ රියැදුරා පැහැර ගන්නා ලදැයි කියන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු බවත් වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණ දිගටම යන බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු මෙම සිද්ධිය වැරදි ආකාරයට පටලවාගෙන ඇති බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හන්තාන පැත්තේ කැතවැඩ කරපු නැති මහත්තයෙක්. ගොන්නු ලවා යුද්ද කරන්න හිතපුවත් නැති උත්තමයෙක්.
තමුන් නැහේගෙම පක්ෂයේ අජිත් පී පෙරේරත් අධිනීතිඥ නේද, එතකොට එතුම පාර්ලිමේන්තුවේ කියපු එක මොකක්ද ? කොහොමත් සජබෙ වලව්කාරයෝ රාජපක්ෂලා රකිනවා, ඒක හැමෝම දන්නවා.
එතකොට ඡන්දෙට කලින් නඩු කාරයෝ බොරුකරපු එක කැත වැඩක් නෙමෙයිද කිරෝ? අපි මැරිලා ඉපදුනේ නැහැ.
මෙයාලා ගැන හොඳ කියනව නෙවෙයි. හැබැයි මාලිමාකරණය නම් රට ඇතුලෙ තදින්ම යනවා. පළපුරුදු නැතිකම් නිසා කියපු කෙප්ප සේරම හෙළිවෙනවා. කරන වැඩ අනාගන්නවා.
මේ වගේ රට කාපු කාලකණ්ණි තවම කයියා ගහගෙන ඉන්න එකනේ පුදුමේ.
අයියෝ... දැන්වත් බණපොතක් කියවන් යන තැනට වැඩක් කරගන්න ලොක්කා. ඉන්නකන් කරපු ටික ජනතාව දන්නවා. ඔයාලට ඕනේ කට්ටිය රාජ්‍ය සේවයේ දියාරු කරගන්න තියාගන්න දඟලන්නේ ඇයි කියලා ජනතාව දන්නවා.
මධ්‍යම අධිවේගයෙන් කරපු සෙල්ලම නීතිපති ලවා යටගහන්නද හිතාගෙන හිටියේ?
විකාර කරන්න එපා. ජනතාව 2/3 දීලා තියෙන්නේ හොරු, මිනීමරුවෝ, ජාතික ධනය හොරාකාපු අය අල්ලන්න. නැතිනම් නිදහස් කරලා ගෙදර යවන්න නෙවෙයි. ඒක ඔය කොයි කවුරුත් තේරුම්ගත යුතුයි.
තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපි හොඳාකාරවම දන්නවා. කැත වැඩ ගැන මොන කතාද?
අනේ කිරෝ, රට කරගෙන යන මිනිස්සුන්ට ඒක කරගෙන යන්න දීලා ඉන්න