
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.
මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් වනු ඇත.
නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවසේදී අද (26) රාත්‍රී රැස්විය .
මේ අනුව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේදී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණි.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ පළමු වරට කළ නිර්දේශයද එම සභාව ඉකුත් 18 වැනිදා ප්‍රතික්ෂේප කළේය.
එම නිර්දේශය සම්බන්ධයෙන් එදිනද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර අතර එම ඡන්ද විමසීමේදීද නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් වශයෙන් ලැබීමෙන් යෝජනාව ප්‍රතික්ෂේප විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ අහන්න ලැබුණු සුබ ආරංචියක්...
බොහෝම හොඳයි...
කොන්ද පණ ඇති, අවංක 5 දෙනෙක් නිසා පට්ට දූෂිත නීතිපති දැන්වත් ගෙදර යයිද? රනිල් නැවතත් ඇනගනී. රනිල්ගේ සිහින ටිකෙන් ටික බොඳවෙන්න පටන් අරගෙන වගෙයි...
දැන් අරයාට මළ පැනලා නේද?
ගමන ශුභයි. ජය නියතයි
ගෑනියෙකුව මිනිහෙක් කරන්නයි මිනිහෙකුව ගෑනියෙක් කරන්නයි විතරක් බැරි අනෙකුත් සියලුම දෙය කිරීමට බලය ඇති ජනාධිපතිට ඔය නීතිපතිට නැවත පත්වීම දෙන එක කජ්ජක්ද ?
හරියට රනිල්ගේ ජනාධිපතිකම ජනතාව එපා කියද්දි රනිල් එක එක මුට්ටිය දලා බලනවා වගේ...
ඊළගට ඊලෝඩ් ක්‍රමයට සේවා දිගුවක් දෙයි කුමන්ත්‍රණසිංහ.
කවුරු කවුරුත් තම තමන්ගේ තනතුරුවල ගෞරවය රැකෙන ආකාරයට ක්‍රියා කළොත් හොඳ නැද්ද?
ජනපති බලා සිටි සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයි
ජනාධිපතිකම හම්බවුනෙත් පිනට එකෙත් රනිල්ගේ උද්දච්චකම පලපල්ලකෝ . උදච්ච මුත්තා හැමදේම බලපෑම් කරලා තමන්ට ඕන ආකාරයට ඒකාධිපති ක්‍රමයක් ගෙනියන්න හදන්නේ .
සංජය රාජරත්න, මහත්මයෙක් විදියට ගෙදර යන්න. මේකෙන් ඔබටත් නීති ක්ෂේත්‍රයටත් යහපතක් වෙන්නේ නැහැ. තවත් සල්ලි අමාරු නම් ඔය වෙන මොනවා හරි කරන්න. දේශපාලන ගැටවලට අහුවෙලා මිනීවලට කෙල ගස්සවා ගන්න එපා.