
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයන් ගේ මව්පියන් හතර දෙනකු ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිලිබඳ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (02) නිවේදනය කළේය.
එසේම පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිලිබඳ තීන්දුව ද එදින ප්‍රකාශ කිරීමට නියම විය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා එහිදී අධිකරණයට ඉදිරිපත් කළේය .
එම වාර්තාව සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ගොනු කිරීමට පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd