
එළඹෙන නත්තල් දිනයේදී රැඳවියන්ගේ බැලීමට කිසිදු පිටස්තර පුද්ගලයකුට බන්ධනාගාර වෙත පැමිණීමට අවසර නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් හමුවී, ත්‍යාග හුවමාරු කරගැනීමට අවසර ලබාදෙන නමුත්, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත්, එම දෙපාර්තමේන්තුව කියාසිටී.
මේ වනවිට දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල 3,279දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇත. එයින් 2,584ක් රැඳවියන් වන අතර, 114දෙනෙක් බන්ධනාගාර නිලධාරීහු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd