IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීතිඥයත් හොර වැඩක් කරලා

(කේ. බුද්ධික කුමාරසිරි)

බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි  පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් අංශය පැවසීය.

අදාල ආයතනයෙන් ලබා ගැනීමට හැකි යුරෝපා රටවල රැකියා අවස්ථාවන් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබූ ප්‍රචාරක කටයුතු මත ලද තොරතුරක් අනුව මෙම ස්ථානය වැටලීමට කටයුතු කර තිබුණි.

මෙම රැකියා නියෝජිත ආයතනය මගින් ඇල්බේනියාවේ සහ රුමේනියාවේ රැකියා සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 11 ක් පමණ අයකර ඇති බවත් එහෙත් මෙතෙක් කිසිදු පුද්ගලයකු විදෙස් ගත කිරීමට කටයුතු කර නොමැති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම ඒකකය පවසයි.

අදාල විදේශ රැකියා නියෝජිත ආයතනයේ හිමිකරු බව කියන සැකකරුට අයත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 60 කට ආසන්න ප්‍රමාණයක් සහ පුද්ගල ජීව දත්ත පත්‍රිකා රැසක් ද සොයා ගැනීමට හැකිව ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි නීතිඥවරයකු බව කියන පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 



අදහස් (1)

නීතිඥයත් හොර වැඩක් කරලා

Pradeep Kumara Tuesday, 02 July 2024 08:32 AM

ගොයම් කන තරමක් කෑවේ වැටයි නියරයි තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site