
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත් , විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමඟ එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද වත්තල පොලිසිය මගින් අද(21) අත් අඩංගුවට ගෙන තිබේ .
බම්බල් බී , ස්පයිඩර් කැළිපර් සහ බනානා යන වර්ග වලට අයත් පිඹුරන් පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් ගුවන් මගින් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , මෙරටට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම ගැට කිඹුලා ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශයක පිහිටි වැවකින් අල්ලා ගන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම එක් සතෙකු රුපියල් ලක්ෂ තුනකට ඉහළ මිළකට අලෙවි කිරීම සදහා සූදානම් කර තිබියදී මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.