
(රොමේෂ් මධුෂංක)
මන්නාරම වංකාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2888 ක තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු අද(9) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව සහ තම්මැන්නා ආයතන, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් සහ ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කිරීමෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම කැබ් රථයේ සහ ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 80ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2888ක තොගයක්, සැකකරුවන් තිදෙනෙකු සහ එම කැබ් රථය හා ලොරි රථය සමඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගත් බීඩිකොළ මුහුදු මර්ගයෙන් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙනවිත් දිවයිනේ වෙනත් ප්‍රදේශයකට ප්‍රවහනය කිරීඹට සැකකරුවන් සැලසුම් කොට තිබූ බවට නාවික හමුදාව පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 30 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් තිදෙනා, බීඩි කොළ තොගය, කැබ් රථය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කල බවට නාවික හමුදා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
පියුමි වගේ සුදුවට හිටියා නම් අත්අඩංගුවට ගන්නේ නෑ