(ටී.කේ.ජී.කපිල )

රුපියල් පනස් දෙලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික යුවළක් අද(01)  ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කටයුතුවල නිරත විවාහක යුවළකි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ , විදේශීය නිෂ්පාදිත " ප්ලැටිනම්'' වර්ගයේ සහ "එසේ "  නැමති වර්ග වල දුම්වැටි 35,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 175 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .