IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිතී විරෝධිව ගෙන ආ උරගයින්-පක්ෂින් සමඟ පහක් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මිගමුව හා කොච්චිකඩේ ධීවරයින් පිරිසක් බහුදින යාත්‍රාවකින් මෙරටට නීති විරෝධී ලෙස රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් විශාල පිරිසක් නාවික හමුදා බුද්ධී තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සුරක්ෂා නෞකාව බාරයට ගැනිමට සමත් ව තිබේ.

ඒ සමඟ   මිගමුව හා කොච්චිකඩේ පදිංචි 34 හා 67 වසස් වල පසුවන පුද්ගලයින් පස් දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

බහුදින යාත්‍රාව තුළ ආරක්ෂීතව පෙට්ටි තුල සගවා රැගෙන එමින් තිබු පිඹුරන් 13 දෙනෙකු ,තලගොයකු,විශාල ඉබ්බේකු සමග ගිරවුන් තිදෙනෙකුද නාවික හමුදා බාරයට ගෙන තිබිණි.

දිර්ඝ විමර්ශන වලින් පසුව දකුණු මුහුදු තිරයෙදී මෙම බහුදින යාත්‍රාව හා සැකකරුවන් ඔවුන් ගොඩ බිමට පැමිණේමින් තිබු බහුදින යාත්‍රාව තුළ ආරක්ෂීතව රැගෙන එමින් තිබු උරගයින් හා පක්ෂීන් මෙලෙස අත් අඩංගුවට ගැනිමට හැකිව ඇත.

අත් අඩංගුවට ගත් උරගයින් හා පක්ෂීන් ශ්‍රී ලංකාවට ආවේනික නොවන බවත් ගාල්ල වරායට රැගෙන ආ මෙම සතුන් පරික්ෂා කල වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් විසින් සනාථ කර ඇත.

අදාල උරගයින් හා පක්ෂීන් හා ධීවරයින් හා බහුදින යාත්‍රාව සමග ඉදිරි පරික්ෂණ  සදහා හික්කඩුව  වනජීවි කාර්යාලයට භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

 

 



අදහස් (0)

නිතී විරෝධිව ගෙන ආ උරගයින්-පක්ෂින් සමඟ පහක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site