රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම තමා ලද වරප්‍රසාදයක් වන අතර එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කවර ආකාරයෙන් වුව ප්‍රතිවිපාකයකට මුහුණදීමට තමා සූදානම් යැයි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නිලධාරීන් බැඳී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නිසා කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වේ.
ප්‍රවෘත්ති නිවේදනයයි
පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.
මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතල අවදානමක් වනු ඇත.
මෙවන් බරපතල පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියළු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙසයි. කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි ඔබ ඔබෙන්ම විමසා බැල්ම යෝග්‍ය වේ. අපගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතය.
අප මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස මම ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියළු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීමයි.
කල් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීමට තිබූ නොවැම්බර් මස 14 දින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත්කිරීමෙහිලා ජනාධිපතිවරයා වලක්වාලීමට මා අදහස්කළ බව ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අභූත චෝදනාවක් නඟමින් එම කරුණ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු වන්නට ඇතැයි ප්‍රකාශ කිරීම පිළිබඳ මම විමතියට පත්වීමි.
තම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ එම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වඩාත් අවංක හා විශ්වාසනීය හේතුවක් දැක්වූයේ නම්, ලෝකයා හමුවේ අප මව්බිමේ ගෞරවයට වන හානිය අවම කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තිබුණු බව මගේ විශ්වාසයයි.
කථානායක වරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්‍රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව පෙන්වා දෙමි.
බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසීය.
“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”
රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළෙමි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් මාගෙන් ද අනුමත නොවනු ඇත.
හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මගේ මවුබිම අපේක්ෂා කළ කවර වූ හෝ කැප කිරීමක් කිරීමට මම නිරතුරුව සූදානමින් සිටියෙමි. විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම මා ලද වරප්‍රසාදයක් විය.
ඉහත සඳහන් මගේ ක්‍රයාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමෙහි මා සූදානම් බැව් වැඩිදුරටත් සඳහන් කරමි.
කරු ජයසූරිය
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති ප්‍රශ්න අැතිකරනවා කථානායකවරයා. අනිත් අතට කවුද රටෙහි නායකයා කථානායකද, ජනාධිපතිද, එමෙන්ම මහත්තයෝ ඔය දිව්රුම කඩන්නේ රාජ්‍ය සේවකයන්වත් රටේ පුරවැසියන්වත් නෙමේ... ඔය මන්ත්‍රීලාම තමයි. ඉස්සෙල්ලා ඔවුන්ට දඬුවම් කරන්න. එ් නැතත් එ්ක කියන්නවත් කොන්දක් තමුන්ට නැත. රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරන්න ඔයා ජනාධිපතිද රටේ..? යනවා යන්න නිකං...
උගත්කමක් නැති කෙනෙක්ව ජනාධිපති කරලා රටට වුණු නස්පැත්තිය දැන් තමා තේරෙන්නේ!
අනේ මෙයාගේ ප්‍රජාතන්ත්‍ර වාදය විපක්ෂ නායකයා තෝරන්න ගිහින් අපි දැක්ක. දැන් තමුන් කතානායක නෙවේ නිකන්ම නිකන් පෘතග්ජනයෙක් ............ පාඩුවේ වැඩක් බලාගන්න
ඉතින් මහත්තයෝ ඔයාලා ඉල්ලුවේ බහුතරය පෙන්වන්න අවස්ථාවක් නේද. ඔය ලැබිලා තියෙන්නේ. ඔයාලාගෙ ආණ්ඩුව රටට වැඩක් කරලා තියෙනවානම් බයවෙන්න දෙයක් නෑ මහ මැතිවරණයට. ජනතාවට ඒක තීරණය කරන්න දෙන්න. මේ රට ඕබෙත් මගෙත් අපෙත් අනාගත මිනිසුන්ගේත් රට මිස දේශපාලකයින්ගේ බූදලයක් නොවේ. අපිට අවශ්‍ය දියුණු ආර්ථික සංවර්ධිත සාමකාමී රටක් මිස විධායකය, පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, පරමාධිපත්‍යය වැනි දේ නොවේ. මේ අවස්ථාව මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීමක් නොව ඔවුන් ගැන නැවත සිතා බලන්නට මහජනයාට ලැබුණු අපූර්ව අවස්ථාවකී.
හත්වලාවේ මොන මගුලකටද එහෙනම් හිටපු කතානායක කියන්නේ?
ඔබතුමාට ස්තුතියි, 2015 රටේ නායකයා ලෙස ග්‍රාමසේවක කෙනෙක් පත් කිරීමේ වරද නිසා අද ඔබට මෙලෙස ලියා දක්වන්ට සිදුවී ඇත. මෙය හුදෙක් නූගතුන් දේශපාලන පිටියේ රජ වුණු කල රටට සිදුවන ඵල විපාක ලෙස මම දකිමි.. එය මෙලෙස කිව හැක. "දේශපාලන අර්බුද නිසා නන්නත්තාර වී ඇති දකුණු අප්‍රිකාවේ ලෙසෝතෝ (LESOTHO) රාජ්‍යයයි. (11/11/2018 ලංකාදීපයේ තක්ෂලාව කියවා බලන්න )" රටක් පාලනය කල යුත්තේද රටක අනාගතය තීරණය කල යුත්තේද උගත්, බුද්ධිමත් පුද්ගලයකු හෝ කණ්ඩයමක් විසිනි. එය එසේ සිදු වූ නිසා 1977 දක්වා රට දියුණුව කර ගමන් කරමින් තිබුණි. එදා ලෝකයේ ඇතිවූ අහාර හිඟය මත අප රටේ අහාර හිඟයක් ඇති වූ අතර එය පිළියමක් ලෙස රටේ සෑම පළාතකම ගොවිතැන දියුණු කරලීම උදෙසා යම්යම් පාලන ක්‍රමවේද ඇති කළ අතර ජනතාව එය වරදවා පිළිගත් නිසාත්, බඩගෝස්තරවාදී දේශපාලකයන් විසින් රටවැසියන් නොමග හැරීමත් නිසා එදා මැතිණිය පරාජය වූ අතර... නමුත් එදා වෙනස සදහා ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වූ කිසිම සුගතියක් අද වනතුරු රටට හෝ ජනතාවට නොලැබුණි. එදා පටන් ගත් විනාශය අපේ රට සෝමාලියාවක් හා ලෙසොතෝ රජයක් බවට වේගයෙන් ඇදී යමින් සිටියි...
මහත්තයෝ කරුණාකරලා නියම ජනතා මතයට කරලියට එන්න ඉඩදීලා නිහඬව ඉන්නවා. ඔබතුමන්ලා මේ කරන ප්‍රකාශයන්ගෙන් සිද්ධ වෙන්නේ රට නැවතත් භීෂණ යුගයකට ඇදදමන එක විතරයි. මහමැතිවරණය පැවැත්වීමට ඉඩදී නිහඬව බලා සිටින්න. එවිට ඔබලාට දැකබලාගන්න පුළුවන් වෙයි... මේ රටේ මහජනතාවට ඔබලාගේ ඔය යහපාලනය මොන තරම් පිළිකුල් වෙලාද කියන එක...
අපේ ප්‍රණාමය !
ඔබගේ එඩිතර ක්‍රියාවන්ට අපගේ ප්‍රණාමය...!!!
සුපිරි පැහැදිලි කිරීමක් සහ ඉතාමත්ම රාජ්‍ය තාන්ත්‍රික නායකයෙකුගේ නිවේදනයක්... මිනිසුනේ කරුණාකරලා රට විනාශ වන තැනට දැන්වත් වැඩකරන්න එපා.
මේ පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධියි කියන්නේ බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජතුමාගේ කාලේ එහෙම වුණු නිසාද?
මගේ සීයා කියන කතාවක් සිහිපත් කිරීමට මට විනාඩියක් දෙන්න. කෑම සොයා ගම්මානයකට පැමිණි නරියෙක් සායම් බාස් කෙනෙකුගේ මිදුලේ තිබුන සායම් හැලියකට හොම්බ දමද්දී එය තුලට රූටා වැටුනා. වදෙන් පොරෙන් දනිපනිගා එළියට පැමිණි නරියාගේ හොම්බේ සිට නැට්ට දක්වාම නිල්පැහැ ගැන්වී තිබුණා. ඌ ලජ්ජාවෙන් ආපහු කැලෑවට ගියවිට උගේ මිතුරන්, හෙන්චයියලා මේකා තවත් නරියෙක් බව නොදැන හතරගාතෙන් වැටි නමස්කාර කර උන්ගේ රජා වශයෙන් සලකන්න පටන් ගත්තා. නිල් නරියට රජසැප. අනිත් උන් කෑම බීම එහෙම ලඟට ගෙනත් දෙනවා! දවසක් රාත්‍රියේ ධාරානිපාත වැස්සක් වැහැලා සායම් නරියාට ෆුල්වොෂ් එකක් ලැබුණු නිසා උගේ නියම පාට යලිත් ආවත් ඌ ඒක දැනගෙන හිටියේ නැහැ. එදා චූන් වෙලා හිටපු රජා "හු" සංගීතයක් පටන් ගත්තා. පළාතේම හිටපු බොස්ගේ හෙන්චයියලා එයාගේ සංගීතය අනුව යමින් එකතුවුණා. ගන්න තියෙන පාඩම නම් "බොස් ගහන පදයට නටන්න ඕන තරම් ගෝල බාලයන්" අපේ රටෙත් ඉන්නවා කියන එකයි..!
ජනාධිපතිව පත් කරන්නේ කතානායක විසින්ද?
ගරු හිටපු කතානායක තුමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියේ තියෙන්නේ ජනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසිරවිම කළ හැකියි එහෙත් අවුරුදු හතර හමාරක් යනතුරු එසේ නොකළ යුතුයි කියලනේ. කළ හැකි බව ඉතා පැහැදිලිව කෙලින්ම කියල තියෙනවා. නමුත් එකෙන් කියන්නේ නැහැ බලයක් නැහැ කියල වත්, නීති විරෝධියි කියලවත්. සමහර වෙලාවල් වලට අපි නොකළ යුතු වැඩ වුණත් තහනම් නැතිනම් කරන්නේ? අනුක නොකළ යුත්තක් කිරීම ආචාර ධර්ම වලට පටහැනි වනවා මිසක් නීතිවිරෝධී වෙනවද?
නියමයි කතානායක තුමනි. ඔබ නිවැරදියි. අනිත් අය කියන ඒවා ගනම් ගත යුතු නැත. ඉදිරියටත් මේ වගේම රට වෙනුවෙන් වැඩ කරන්න
අනේමන්දා, මෙවැනි ප්‍රකාශ මුළු රටම අවුල් කරනවා. අවුල ලිහන්න තියෙන හොඳම දේ පාර්ලිමේන්තුව විසුරුවන එක.
ඉතින් ගරු කතානායක තුමෝ එව්වට ආණ්ඩුවේ මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහ අරව මෙව්වා තියෙනවනේ.
ඔබ නියම මහත්මයෙක් විදිහටත් වගකිව යුතු 3 වෙනි පුරවැසියා විදිහට ඔබගේ මෙහෙය අගය කරමි. මා එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවුනත් අගය කලයුතු දේ අගය කලයුතුවේ
දැන් තනතුර නෑ නේ මහත්තයෝ ?
මෙතුමා අවුල් කරන්නේ බෑනා නවීන්ට අන්තිමට තැන අරන් දෙන්න. අනික බෑනාගේ මල්ලි ඇතුළු තම පක්ෂයෙන් පෙන්ෂන් නැතිව ගෙදර යන්න වෙන රෑනට පෙන්ෂන් එක ඉතුරු කරලා දෙන්න. මෙයාගේ වැඩ නිසා රනිල්ට මිනිස්සු බනිනවා. දැන්ම එතුමාව කපලා සජිත් සහ නවීන් උඩට ගෙනෙන්න අලුත් කට්ටිය හදනවා. සජිත්ගේ පිටෙන් ගිහිල්ලා අන්තිමට නවීන් රජ වේවි...!!! කාටද ආඩම්බර?
මේ කියන්නේ හැමවෙලාවෙම එයා වටා ඉන්න අය පිස්සෝ කියලනේ. කතානායකතුමා, කරුණාකරලා අර අංගොඩ ඉස්පිරිතාලේදී දුන්නු බෙහෙත්පෙති උදේට 2යි දවල්ට 2යි රෑ නිදාගන්න කලින් 5යි ගන්න. පාර්ලිමේන්තු සැසියකදී එයින් 10ක් ගන්න ලබන ජනවාරි මාසේ වෙනකොට ලෙඩේ නිට්ටාවටම හොඳවෙලා... ඔබතුමාට ගෙදරම නවතින්න පුළුවනි.
මොහු කෙරෙහි තිබුණු ගෞරවය බිංදුවටම බැස්සා. රටේ මිනිස්සු කුපිත කරන මෙවැනි ප්‍රකාශ අන්තිම කැතයි. රටේ ජනාධිපති කවුරු වුණත් ඔහුට අවනතවීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අනික ඔය කැඳහැලි ආණ්ඩුව විසුරවපු එක ගැන මහජනයා ඉන්නේ ගොඩක් සතුටින්... ඡන්දයක් එපා කියලා පෙළපාලි යන්න තරම් පහත් ගති ඇති පිරිසක් ඔය යූ.එන්.පී එකේ ඉන්න බව රටම දැනගත් එක ලොකු දෙයක්..
ඔය දේශපාලකයෝ කියපු වැරදි දේ කරලා නේද දක්ෂ නිලධාරියෙකුවූ ලලිත් වීරතුංග හිරේ ගියේ. ඒ නිසා මේ පාර හදන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයම හිරේ අරින්නද........
කතානායක තුමා ජනපති කරමු! දැනට සිටින නියම සුදුස්සා එතුමායි.