(සුජිත් හේවාජුලිගේ)
තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් තමාට එම චෝදනාව නැගූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ නීති උපාධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.
සමහරුන් වරප්‍රසාද වලට මුවා වී අවබෝධයෙන් බොරු කියන බව පැවසූ රාජපක්ෂ මහතා තමා සම්බන්ධයෙන් නැගූ එම චෝදනාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නයි ඉල්ලීමක් කළේය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:
මම තමයි ඒ ගැන කිව්වේ. ඔහු නීති විභාගය ලියපු විදිය ගැන මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒව ලිඛිත තොරතුරු. ඒවගේම වීඩියෝත් තියෙනවා. මේ පරීක්ෂණවලට මුහුණ දෙන්න ඔහු ලංකාවට එන බවත් කියනවා. ඔබ නීති විභාගය තනිකාමරයක ලිව්ව බව රටම දන්නවා. මම ඉතා වගකීමෙන් පැහැදිලිව කිව්වා. ඔබතුමාට විතරක් ඒ පහසුකම දුන්නේ කොහොමද. ඔබ සමග විභාගය ලිව්ව තුෂාර ජයරත්න තමයි මේ ගැන පැමිණිලි කළේ. ඔබතුමා සමග විභාගයට ලියපු අනිත් කෙනා කවුද කියල පරීක්ෂණයට ඇවිල්ල කියන්න ඕන.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නීති විභාගය ගැන නාමල්ගෙන් අභියෝගයක්
Mohamed Wednesday, 18 December 2024 02:59 PM
එදා පාර්ලිමේන්තුවේ සුජීව අහපු ප්‍රශ්නය ... මට තාම මතකයි නාමල් බේබි...
Thushara Wednesday, 18 December 2024 03:21 PM
කව්රුත් එහෙම ඔප්පු කරන්න යන්න එපා! හෘද සාක්ෂියම එයාට වද දීපුදෙන්.
මැක්ස් Wednesday, 18 December 2024 03:24 PM
මඩකරියන්ට ඔබගේ අභියෝග නෑසේ. නායක මඩකරියන් පදනම් විරහිත චෝදනා නගමින් යන අතර සමාජ මාධ්‍යවල සැරිසරන ඔවුන්ගේ "ලයික් හමුදාව"සහ එහෙයියන් ඒවා කර මත තබා ගෙන යාම පමණක් සිදු වේ.
randil dunuwilleWednesday, 18 December 2024 04:02 PM
පස්චාත් භාගයෙන් කතා කරන බත් බැලයෙක්
samThursday, 19 December 2024 09:11 AM
මැක්ස්, මෙයාලාගේ වළං හෝදන එක නේ
යෝගා Wednesday, 18 December 2024 04:18 PM
ජේවීපිය කවදත් කෙරුවේ තමන්ගේම ගැත්තෝ එවපු බොරු පෙත්සම් ඉස්සරහට දාගෙන චෝදනා කිරීමයි. 2015දී ඒවා ඔප්පු කරන්න ගිහින් ඇනගත්තා. මේ සැරේ කුල්ල කුජීත වෙන්නයි යන්නේ. අද සජිත්ගෙනුත් කට්ටියම කන් පිරෙන්න අහගත්තා.
සිල්වා Wednesday, 18 December 2024 04:47 PM
මීලඟ මහින්දානන්ද අලුත්ගමගේ තමයි.
ගමේ එකාලා Wednesday, 18 December 2024 04:56 PM
සමහර වහලුන්ට හොර පෙරකදෝරුවා පොරක් වගේ පේනවා ඇති. ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා මුලු මහත් ජනතාවම රවට්ටපු දූෂිතම පව්ලේ අය ගැන කවර කතාද?...
ප්‍රියා Wednesday, 18 December 2024 05:07 PM
පුළුවන් නම් නීති දැනුම පෙන්වන සාකච්ඡාවක් (පැ 3/4) නීති සිසුන් සමග පවත් වන්න.. එතකොට ලංකාවේ පළවෙනියා කවුද? කවුද හරි කියලා කවුද පොර. මේක ඔබට අභියෝගයක්. මාසයක් ඇතුලත පුළුවන් නම් කරන්න.
යෝගාWednesday, 18 December 2024 06:05 PM
අනුරට පුලුවන්ද භෞතික විද්‍යාවේ මූලධර්ම ගැන මිනිත්තු පහක් කතා කරන්න...
විපරමා Wednesday, 18 December 2024 05:23 PM
අභියෝග වලට බය නැහැ කියපු එකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රින්ගුවා. ජනාධිපති තාත්තාගේ බලපුලුවන්කාරකමෙන් ලියලා විභාගේ පාස්වෙච්චි බව නොදන්නා කෙනෙක් නැහැ. දූෂිත දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ...?
අවිශ්ක Wednesday, 18 December 2024 05:29 PM
වසන්තයා ඕක ඔප්පු කළොත් මං එදා ඉඳන් ඇවිදින්නේ නාහෙන්...!
පිටරැටියා Wednesday, 18 December 2024 06:40 PM
හොරා කවදත් හොරකම් කෙරුවා කියලා කියන්නේ නැහැ. වහලුන්ට නම් විශ්වාස ඇති...!
Perera Thursday, 19 December 2024 02:01 AM
තනියම නෙවෙයි ලියලා තියෙන්නේ, තව නීතීඥයින් දෙන්නෙකුත් මෙයාගේ සහායට ඉඳලා තියෙනවා. වායුසමනය කළ කාමර ඇතුලේ...
රුවන් Thursday, 19 December 2024 07:29 AM
ඉස්සර චිත්‍රපටියක් තිබ්බා ඩික්ටේටර් කියලා එහේ රජාගේ පුතා රජ වෙනවා අඩු වයසෙන් එයා තමයි රටේ වැඩිම පදක්කම් ගත්තා.. මහාචාර්ය ස්ලාඩින්. ඒ වගේ තමයි නාමල්. තාත්තා ජනපති නම් පුතුන්ට බැරිද ඕවා? අනික මහින්දගේ පොඩි පුතා අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වගේම නොබෙල් ත්‍යාගයත් ලැබෙන්න හිටියා කියලා එදා පත්තරයට දාලා තිබ්බේ.
sam Thursday, 19 December 2024 09:13 AM
ඉස්කෝලේ හිටපු මැට්ටෙක් නිති විභාගය සමත් වෙනවා..පවුලම එකයි