(සුජිත් හේවාජුලිගේ)
තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් තමාට එම චෝදනාව නැගූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ නීති උපාධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.
සමහරුන් වරප්‍රසාද වලට මුවා වී අවබෝධයෙන් බොරු කියන බව පැවසූ රාජපක්ෂ මහතා තමා සම්බන්ධයෙන් නැගූ එම චෝදනාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නයි ඉල්ලීමක් කළේය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:
මම තමයි ඒ ගැන කිව්වේ. ඔහු නීති විභාගය ලියපු විදිය ගැන මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒව ලිඛිත තොරතුරු. ඒවගේම වීඩියෝත් තියෙනවා. මේ පරීක්ෂණවලට මුහුණ දෙන්න ඔහු ලංකාවට එන බවත් කියනවා. ඔබ නීති විභාගය තනිකාමරයක ලිව්ව බව රටම දන්නවා. මම ඉතා වගකීමෙන් පැහැදිලිව කිව්වා. ඔබතුමාට විතරක් ඒ පහසුකම දුන්නේ කොහොමද. ඔබ සමග විභාගය ලිව්ව තුෂාර ජයරත්න තමයි මේ ගැන පැමිණිලි කළේ. ඔබතුමා සමග විභාගයට ලියපු අනිත් කෙනා කවුද කියල පරීක්ෂණයට ඇවිල්ල කියන්න ඕන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පාර්ලිමේන්තුවේ සුජීව අහපු ප්‍රශ්නය ... මට තාම මතකයි නාමල් බේබි...
කව්රුත් එහෙම ඔප්පු කරන්න යන්න එපා! හෘද සාක්ෂියම එයාට වද දීපුදෙන්.
මඩකරියන්ට ඔබගේ අභියෝග නෑසේ. නායක මඩකරියන් පදනම් විරහිත චෝදනා නගමින් යන අතර සමාජ මාධ්‍යවල සැරිසරන ඔවුන්ගේ "ලයික් හමුදාව"සහ එහෙයියන් ඒවා කර මත තබා ගෙන යාම පමණක් සිදු වේ.
ජේවීපිය කවදත් කෙරුවේ තමන්ගේම ගැත්තෝ එවපු බොරු පෙත්සම් ඉස්සරහට දාගෙන චෝදනා කිරීමයි. 2015දී ඒවා ඔප්පු කරන්න ගිහින් ඇනගත්තා. මේ සැරේ කුල්ල කුජීත වෙන්නයි යන්නේ. අද සජිත්ගෙනුත් කට්ටියම කන් පිරෙන්න අහගත්තා.
මීලඟ මහින්දානන්ද අලුත්ගමගේ තමයි.
සමහර වහලුන්ට හොර පෙරකදෝරුවා පොරක් වගේ පේනවා ඇති. ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා මුලු මහත් ජනතාවම රවට්ටපු දූෂිතම පව්ලේ අය ගැන කවර කතාද?...
පුළුවන් නම් නීති දැනුම පෙන්වන සාකච්ඡාවක් (පැ 3/4) නීති සිසුන් සමග පවත් වන්න.. එතකොට ලංකාවේ පළවෙනියා කවුද? කවුද හරි කියලා කවුද පොර. මේක ඔබට අභියෝගයක්. මාසයක් ඇතුලත පුළුවන් නම් කරන්න.
අභියෝග වලට බය නැහැ කියපු එකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රින්ගුවා. ජනාධිපති තාත්තාගේ බලපුලුවන්කාරකමෙන් ලියලා විභාගේ පාස්වෙච්චි බව නොදන්නා කෙනෙක් නැහැ. දූෂිත දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ...?
වසන්තයා ඕක ඔප්පු කළොත් මං එදා ඉඳන් ඇවිදින්නේ නාහෙන්...!
හොරා කවදත් හොරකම් කෙරුවා කියලා කියන්නේ නැහැ. වහලුන්ට නම් විශ්වාස ඇති...!
තනියම නෙවෙයි ලියලා තියෙන්නේ, තව නීතීඥයින් දෙන්නෙකුත් මෙයාගේ සහායට ඉඳලා තියෙනවා. වායුසමනය කළ කාමර ඇතුලේ...
ඉස්සර චිත්‍රපටියක් තිබ්බා ඩික්ටේටර් කියලා එහේ රජාගේ පුතා රජ වෙනවා අඩු වයසෙන් එයා තමයි රටේ වැඩිම පදක්කම් ගත්තා.. මහාචාර්ය ස්ලාඩින්. ඒ වගේ තමයි නාමල්. තාත්තා ජනපති නම් පුතුන්ට බැරිද ඕවා? අනික මහින්දගේ පොඩි පුතා අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වගේම නොබෙල් ත්‍යාගයත් ලැබෙන්න හිටියා කියලා එදා පත්තරයට දාලා තිබ්බේ.
ඉස්කෝලේ හිටපු මැට්ටෙක් නිති විභාගය සමත් වෙනවා..පවුලම එකයි