(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප විය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (10 ) වැනිදා රැස්විය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නීති විද්‍යාල විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතාගෙන් මෙහිදී ප්‍රශ්න කළහ.
නීති ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනකු සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කරන බවත් කැමති භාෂාවකින් විභාගවලට පෙනී සිටීමේ නිදහස යටතේ ඔවුන් නීති විද්‍යාල විභාගවලට පෙනී සිට ඇති බවත් එහිදී මන්ත්‍රීවරු පැවසූහ.
තම මවු භාෂාවෙන් විභාගවලට මුහුණ දී සමත්වීම සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කිරීමට බාධාවක් නොවන බවද ඔවුහු ප්‍රකාශ කළහ.
ප්‍රාථමික අධිකරණවල කටයුතුවලදී ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ප්‍රධාන භාෂාව භාවිත කරන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.
ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත් උතුරු නැගෙනහිර පළාත්වල සහ දෙමළ සහ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන්ද, සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන්ද සිදුවන බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අඩුවක් පවතින බවත් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග අනිවාර්ය කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරු වැඩිදුරටත් පැවසූහ.
මේ අනුව, ශිෂ්‍යයකුට තම මූලික භාෂාව වන මවු භාෂාවෙන් විභාගයට මුහුණ දීමේ නිදහස අවශ්‍ය බව කමිටුවේ අදහස විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරු ?ඉස්ස ඉස්සෙලම මේ කයන උදවියගේ ඉංග්‍රීසි දැනුම හා අධ්‍යාපන සුදුසුකම් නිසි විමර්ශනයකට භාජනය කර පලකරන්නකෝ
ජෙප්පෝ මේගැන මොකද කියන්නේ? මම මෙහෙම අහන්නේ ජෙප්පන්ට උත්තර දෙන්න බලාගෙන.
මූලික අයිතිවාසිකම් රැකිය යුතුම ස්ථානයක් එය කඩ කරන විට එය රැක ගැනීමට විජයදාස රාජපක්ෂ ඇමතිතුමා දරන උත්සාහයට අපගේ ප්‍රණාමය... එය සිදුකිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. එසේම ප්‍රාදේශීය සභා ඡන්දයකට ඇති, එහෙත් අනාගත පරපුරට අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සහ සාමාන්‍ය ජනතාවට සාධාරණ විදුලිබිලක් ගෙවීමට නොදෙන එහෙත් විදුලිබල මණ්ඩලයට සුපිරි වරප්‍රසාද ලබාගත හැකි සහ සියල්ලෝම වෘත්තියෙන් ස්වාධීන විය යුතු එහෙත් ස්වාධීන නාමයෙන් රටට අහිතකර ලෙස බෙදී වෙන් කිරීමට භාවිතා කරනා ඊනියා අයිතිවාසිකම් වල කබර තලගොයි න්‍යායද බිඳ දැමීමට ඔබ තුමා උත්සාහ දරන්නේ නම් මැනවි.