(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණ වල නඩු කටයුතු අවසන් වු හෙරෝයින් කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය හා දුම්වැටි තොගයක් බලපිටිය හා හලාවත මහෙස්ත්‍රාත්වරුන් ඉදිරියේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පොලිස් දහන උදුනේදි විනාශ අද විනාශ කෙරණි.

මෙලෙස විනාශ කිරීම සිදුවුයේ බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙ විභාග වු නඩුවලට අදාල හෙරෝයින් කිලෝ 22 ග්‍රෑම්ස් 888 ක්,කේරල ගංජා කිලෝ 33 ග්‍රෑම්ස් 17ක් විදේශීය දුම්වැටි 7200 ක් හා හලාවත අධිකරණය මගින් නඩු කටයුතු අවසන් වු ගංජා කිලෝ 247 ග්‍රෑම්ස් 940 ක් ඇතුළු ප්‍රමාණයක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

විනාශ කළ මත්ද්‍රව්‍ය තොග බළපිටිය හා හලාවත සිට දැඩි පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බඝකායේ විශේෂ ආරක්ෂාව යටතේ මෙලෙස රැගෙන එනු ලැබීය.

පොලිස් ආරක්ෂාව යටතේ වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පොලිස් දහන උදුන වෙත රැගෙන ඒමේන් පසු එහිදි බළපිටිය මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය හා හලාවත මහෙස්ත්‍රාත් හර්ෂ ඩි සිල්වා මහතා ඉදිරියෙදී අදාල මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ එච්.එන්.සි.පි.හේරත් මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අදාල මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සිදුවිය.