IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නොච්චියාගම ගොවීහු පාරට බසිති

(ජී.ඒ.පී කුමාර)

තම වගාවන් සඳහන් පොහොර ලබා දෙන මෙන් ඉල්ලා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවිහු පිරිසක් අද (28) දහවල් උද්‍ඝෝෂණයක නිරතවුහ.

විරෝධතා පුවරුව අතැතිව සටන් පාඨ කියමින් නොච්චියාගම ඇගළුම් ආයතනය අසල සිට නොච්චියාගම නගර මධ්‍ය දක්වා පැමිණි පිරිස නොච්චියාගම නගර මධ්‍යයේදී මෙම විරෝධතාවයෙහි නිරත වුහ.

උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර සෞඛ්‍ය නීති රීති පිළිපදින ලෙසත් ජන ඒකරාශි වීම සිදු නොකරණ ලෙසත් දන්වමින් ශබිද විකාශණ යන්ත්‍ර යොදා ගනිමින් දැනුවත් කලද විරෝධතා කරුවන් එම දැනුම් දී නොසලකා විරෝධතාවයෙහි නිරත වුහ.

සමගි ජනබල වේගය මගින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු  මංත්‍රී  රෝහණ බංඩාර   මහතා ,උතුරු මැද පලාත් හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක සහ නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමරකෝන්

රත්නායක මහතා ඇතුළු සමගි ජනබල වේගය පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරුන් ද එක්ව සිටියහ.මෙම උද්ඝෝෂණය සදහා දෙසියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

නොච්චියාගම ගොවීහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site