
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාට ලැබී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අරඹා ඇති පරීක්ෂණය අවසන් වන තුරු මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රසාද් රණවීර මහතා පැවසූයේ කිසිදු හේතුවක් සඳහන් නොකර තමා තනතුරින් ඉවත් කරන බවට ලිපියක් ලැබී ඇති බවයි.
තනතුරින් ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව දැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් රණවීර මහතා පැවසූයේ තාවකාලිකව නොව ස්ථිරවම තනතුරෙන් ඉවත් කරන බව අදාල ලිපියේ සඳහන්ව තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාවකාලිකව ඉවත්කරද්දී කොන්දේසි කීපයක් ඇතුළත් කරන්න ඇති ඒවා ඉටු නොකලොත් ස්තිරවම ඉවත්කරනවා කියලා දන්වා ඇති ඒක තමයි වෙන්න පුළුවන්
උරුමය කෙසේ වෙතත් නගර ගංවතුරට වැස්සට යැවෙන එක නවත්වන්න බැරි නාගරික සංවර්ධනය මොකටද? තව කොච්චර ලොක්කො ඉන්නවද ගෙදර පටවන්න ඔය විදිහට...