
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිවරයා නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd