(යොහාන් භාසුර)

අසාමාන්‍ය ශීත කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ ගවයන් ඇතුළු සතුන් මියයෑම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර එම පළාතේ සත්ව ඝාතකාගාර සහ මස් කඩ අද (12) සිට ලබන 18 වැනිදා දක්වා වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් කුකුළු ඝාතකාගාරවලට සහ කුකුළු මස් කඩවලට මෙම තහනම අදාල නොවන බව ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.