(අංජුල මහික වීරරත්න)
නැගෙනහිර බහළු පර්යන්තය කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය - නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
නැගෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. එමඟින්, උපරිම ආර්ථික වාසි ලබා ගැනීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමටත් අනෙකුත් පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සමඟ තරග කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයි රජය පවසයි.
ඒ අනුව, " සීමාසහිත කොළඹ නැගෙනහිර බහළු පර්යන්තය (පුද්ගලික) සමාගම " නමින් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නැගෙනහිර බහළුව කළමනාකරණයට සමාගමක්