IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘‘නැගෙන චෝදනාවල එකඟවිය හැකි තැන් තිබෙනවා‘‘

(ඩයනා උදයංගනී)

පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් තීරණ පමාවූ බවට නැගෙන චෝදනාවන්ට එකඟ විය හැකි අවස්ථා ද ඇති බවත්, එසේ වුවත් පවතින අර්බුදකාරී තත්වය කළමනාකරණය කිරීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

රජයේ හවුල්කාර පක්‍ෂ 11 මගින් ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම, අපනයන වැඩි කිරීම හා ආනයන සීමා කිරීම ආදී කරුණු ක්‍රියාත්මක කිරීම ද රජය මේ වන විට ආරම්භ කර ඇති බවත්, මේ අවස්ථාවේදී සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වී තම සාධනීය යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂවලට ආරාධනා කරන බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

කාටත් දේශපාලනය කරන්නට නම් රට ආරක්‍ෂා කරගත යුතු බව කී ඇමතිවරයා ඔවුන් මේ අවස්ථාවේ තම සාධනීය යෝජනා ඉදිරිපත් කිරීම වැදගත් බව ද කීවේය.

මෙම සමුළුව පමාවූවාද යන්න ගැන කතාබහක් ඇති නමුත් මෙය කවදා හෝ පැවැත්වීම ලොකු දෙයක් බව හෙතෙම පැවසීය.

රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (1)

‘‘නැගෙන චෝදනාවල එකඟවිය හැකි තැන් තිබෙනවා‘‘

සෙනෙවිරත්න Tuesday, 22 March 2022 09:28 PM

කාට දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕනලු. ඒකටනේ ⁣පවුවට ගහගෙන වැලලෙන්න හදල කරන්න තියෙන බොරු සේරම කරල පවුලෙ සේරම බලය ඩැහැගත්තෙ. දැං ආයෙමත් රැකගන්න වෙලා තියෙන්නෙ ඒ කපටි ආරක්ෂකයන්ගෙන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site