(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැති සැකකරු නුගේගොඩ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය පරික්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත්තාය.
මහේස්ත්‍රාත්වරිය එලෙස සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් කරන ලද දැනුම් දීමක් අනුවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකාර බුරු මුනා නැමැත්තා ජූනි මස 20 වෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේන් අවසර ලබාගත් බව අධිකරණයට දැනුම් දීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නිරීක්ෂණයට ලක් කල බව පොලිස් නිලධාරියෙකු කීය.
එම රඳවා ගැනීමේ නියෝගය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයට ද කරුණු වාර්තා කළ බව එම නිලධාරියා කීය.
සැකකාර බුරු මුනා නමැත්තා මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක විශේෂ සිරමැදිරියක රඳවා තබා ඇති අතර ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවා ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නුගේගොඩ මහේස්ත්‍රාත් බූරු මුණා පරීක්ෂා කරයි
Kumar (Gulf) Tuesday, 21 March 2023 11:54 PM
ඉතින් බූරු මූණක් කියල තීරණය කරාද අන්තිමට?
Gag Wednesday, 22 March 2023 09:43 AM
ඌ බූරුවෙක් නිසා තමයි කුජීත කාලකන්නි පරාජිතයකු ලෙස මූණ වහගෙන මිනිසුන්ට වෙඩි තියන්නේ
de silva Wednesday, 22 March 2023 01:53 PM
මු ත්‍රස්තවාදියෙක් නොවෙ කුලි මිනිමරුවෙක්