IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව වහයි

(ප්‍රියාණි මංගලිකා )
                       

කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසල් ආරක්ෂක නිලධාරීයා පාසලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව  අද (10 ) වසා දැමීමට පියවර ගත් බව  සෞඛ්‍ය අංශ සහ පාසල්  පාලන අධිකාරිය පැවසීය .
               

කොළඹ ප්‍රදේශයේ සේවය කර නිවසට පැමිණ සිටි පොලිස් නිලධාරීයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බවද ,ඔහුගේ වැඩිමහල් සහෝදරයා තුඹුල්ල මහා විද්‍යාලයේ රාත්‍රී ආරක්ෂක නිලධාරීයෙකු ලෙස  පසුගිය දිනවල රාජකාරි කටයුතු කර තිබීම හේතුවෙන්  ,පාසල වසා දමා විෂබීජ හරණය කිරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .

           

කොබෙයිගනේ ප්‍රදේශයේ පදිචි ,කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රුකියාවේ නියුතු ආසාධිත  පොලිස් නිලධාරීයාගේ සහෝදරයා වන මෙම පාසල් ආරක්ෂක නිලධාරීයා ඇතුලු පවුලේ  සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇතිබවද හෙට 11දින පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .

                       

මෙම ආරක්ෂක නිලධාරීයා රාත්‍රි කාලයේ  ගුරු විවේකාගාරයේ  රැඳී සිට ඇති බවද , ඒ අනුව පාසැල් දරුවන් 434 ක ගේ සහ ආචාර්ය මණ්ඩලයේ 31දෙනෙකුගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව මෙම පියවර ගත් බවද පාසල් ආරංචි මර්ග සඳහන් කලේය .

               

ඒ අනුව අද 10 දින උදෑසන පාසැලට පැමිණි දරුවන් සහ ගුරුවරුන් අපසු සිය නිවෙස් වෙත ආපසු හරවා යැවු බවද පාසල් ආරංචි මර්ග වැඩිදුරටත් සඳහන් කලේය .



අදහස් (0)

නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site