
(අංජුල මහික වීරරත්න)
කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.
වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්නැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙවන්නට ලෑස්ති නැතැයි ද කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
"කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන .මටත් නිකන් කන්න බෑ. මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු"යැයි ජනාධිපතිවරයා පැවැසීය.
නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවකුටත් නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමා ව එක්වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං දුන්නම පිං කියලා අපිට පුරැදු කරලා තියෙන මහා බොරැව නිසා කොටසක් පිනට දෙන්නත් නිකමො කොටසක් පිනට ගන්නත් සැදී පැහැදී සිටින මානසිකත්වයක් ගොඩනගාගෙන සිටිනවා. මේ නිසාම අපි මහා කම්මැලි ජාතියක් වුනා.
අම්මේ දැන් මෙයාගේ සැර? හරිනම් මේ වෙලාවේ බන්ධනාගාර ගතවෙලා ඉන්න ඕනි කෙනෙක්.
මසුරං කතාව. වැඩ වැරීමටම ඇබ්බැහි වෙලා ඉන්න රාජ්‍ය සේවකයින්ට ටොක්කක්. හැබැයි නැවත නැනතත් සුපුරුදු වැඩ වැරීමම කරනව නම් දඬුවමක් දිය යුතුයි ඇස් ඇරෙන්න. නැත්නම් ඔය කාලකන්නි සෙල්ලම නතර වෙන්නෙ නෑ.
නිකම්ම කන එවුන් ඉන්නෙ පාර්ලිමේන්තුවේ. අන්න අන් ටික පලමුව ගෙදර යැවිය යුතුයි.
ඔය බහුතරයක් දේශපාලකයින් නිකං කනවා විතරක් නොවෙයි, එතැනත් ඉඳන් කරන්නේ හොරකම්. බලන්න නගර සභා සහ පළාත් සභා. කරපුතරම් කරලා තියෙන්නේ මගඩි වැඩ... මේ රටේ නිකං කන්න පුරුදු කළේත් දේශපාලකයෝම තමයි. නැත්නම් මිනිස්සු කිසිවක් නිකම්ම ඉල්ලුවේ නැහැ...
ඔය කියන විදිහ දැනට අවුරුදු ගණනාවකට ඉස්සර ක්‍රියාත්මක කළා නම් මෙරට මීට වැඩිය සෑහෙන දායුණු වෙන්න තිබුණා. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ආණ්ඩුව මාරුවෙන ගණනට ක්‍රමවේදයන් වෙනස් කළාම වෙන්නේ ඕක තමයි.
මැස්සෙක් ගිය උඩ !!!
ඕක කියන්න අනුරාධපුරේට ගියේ ඇයි කොළඹ ඉදන් කියන්න බයද. ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ ඉන්න නිකමෝ ටික අයින් කරන්න. අම්මෝ......... අම්මෝ......... එහෙම කොහොමද උන් නිසානේ මම ජනාධිපති වෙලා ඉන්නේ.
ඔව්.සමහර ආණ්ඩුවේ ඔෆිස් වල ඔය ඉන්නේ වැඩක් තියා අඩුගානේ වාඩිවෙන්න පුටුවක් වත් නැති ලිපිකරුවෝ. සමහර තැන්වල වැඩක් නැහැ කරම් කාඩ් විතරක් නෙමෙයි බූරුත් ගහනවා. හැබැයි ඔක්කොටම රජයෙන් සත පහක් නොගෙන රජයට බදු ගෙවන අපිම පඩිත් ගෙවනවා. එයාල පඩි අරගෙන තව ස්ට්‍රයික් පිකටිං
වැඩ බැරි නිසා රටේ මිනිස්සු ගෙදර යවපු කෙනෙක් , ජනමතයට පයින් ගහල හොර පාරෙන් පාර්ලිමේන්තු ඇවිල්ල දැන් කියන කතා බලන්නකෝ ?
බොහොමයක් රජයේ සේවකයෝ දැන් බලාගෙන ඉන්නේ රජයේ සේවයෙන් අයින් වෙන්න. ඕන කෙනෙක්ට තරහ තිරම නොබලා විශ්‍රාම යාමට ඉඩදෙන්න. විශ්‍රාම වැටුප නැතුව ගැන කැමති කට්ටියට vsr එකක් දෙන්න. අද රජයේ සේවයෙන් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ. හොරුන් විතරක් අල්ලස් සහ කොමිෂන් අරගෙන ජීවත් වෙනවා.
දේශපාලකයො කරපු හොර මගඩි වන්චා ගැන මෙ බබා මොකුත්ම දන්නෙවත් කියන්නෙවත් නැහැ.
නිකන් ඉන්ලද ජනාදිපති කම් ගත්තට කමක්නැතෙයි?
කලබල වෙන්න එපා. මෙයා මේ කියන්නේ 225 ගැනයි...
ඇති යන්තන්... දැන් ඔක්කොම යාවි ගෙදර..
පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තොත් නරකද?
රත්තරන්. කියමන. හකි ඉක්මනින්. පර්ලිමෙන්තුව කැද්වන්න. මෙ ටික කියන්න. 250 බගයක්ම. බත් මොරු. බඩ බැලුවම කියන්න පුලුවන්. මෙ ක්ටියාව මහ තැනින් පටන් ගන්න රජයෙ සේවකයින් කන්නෙ එ ගොල්ලන්ගෙ වැටුපෙන්. නමුත්. මහා තැනෙ කට්ටියා දවල් කෑම. තේ වේලාව මෙ සේරම ජනතා මුදල්. රෑස් වුනාම නිකම් කාලා ඒකට්ටියගෙ. දිමන වැඩි කරගෙන. රජ සැප විදිනවා. රජයෙ සේවකයින් කොහොමහරි පොඩි සේවයක් හරි දවසකට කරනවා. නමුත්. බත් මෝරුන්ට. වාහනයට තෙල් නොමිලෙ දිලත් මුන්ගෙන් රටට වැඩක් නැහැ. කරුනාකරලා. 50 පැනපු. කල්දෙරම් ගෙදර අරින්න නවක තරුන බුද්දිමත් තරුන පරපුර. හිරකුඩුවට දාන එක නතරකරලා. ඔබගෙ ඩැනුම ඔවුන්ට ලබාදි. තනතුරු දෙන්න එ කට්ටියට. ඔබතුමා. මහින්ද්ගෙ. වචන අහන්නෙ නැතිව. ජනතාවට කිට්ටු වෙලා. මහින්දට පාර දෙන්න රට ගොඩගන්නවා කියන්නෙ. පිට රටින් නයට ගෙනත් මිනිසුන් ගෙ බඩ පුරවන එක නෙමෙ. තරුනයින් නගා සිටුවන්න ලනකාවෙ කොල්ලො වැඩකරන්න හරි දක්ශයි. නාකි ඇමතිලා ගෙදර ඇරලා තරුනයින්ට තැන දෙන්න අවුරුද්දෙන් රට සවයම්පොශිත කරලා. රාජපක්ශලාට පෙන්වන්න. රටෙ ජනතාවට නිකම් කන්න දෙන්න බැහැ කියන එක කියන්න එපා. ඒ කට්ටිය ඉන්බෙ පාර්ලිමෙන්තුවෙ. උන්ගෙ මුලු ස්වර්‍යාන්ගයම රන් කරන්නෙ. ජනතා මුදලින්. පිනට
ජනතාව ගෝටා මහතා ගෙන් අපේක්ෂා කළ දේ (දෙමළ සහ මුස්ලිම් ජාතිවාදීන් සතුටු කිරීම නොවේ) රනිල් මහතා ඉටු කරනවා වගේ. විය යුතු දේ කව්රු අතින් වුනත් කමක් නෑ සිදු වෙනවා නම්.
කවුරුවත් නිකං කෑවේ නෑ. එහෙම කවුරුහරි නිකං කෑවනම් ඒකට ප්‍රධාන වගකිව යුත්තා රටේ පාලකයින්මයි. නිෂ්පාදන ආර්ථිකක්‍රමයක් වෙනුවට පරිභෝජන ආර්ථිකක්‍රමයක් ඇතිකලේ රට පාලනයකරන අයමයි.ඒකයි අපිකියන්නේ රටට අවංකව වැඩකල හැකි දක්ෂ අය පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කල යුතු බවයි.
එක්කෙනෙක් නම් ගෙදර නෙමෙයි රටෙනුත් යැව්වා... ඔහෙත් ඔහේගේ වාරෙ එනකන් බලාගෙන ඉන්න..!
ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටිම වහලා දාන්න. ඊට පස්සේ ඔය කතා කියන්න. අනික මැති ඇමැතිලාට නොමිලේ දෙන සියල්ලත් නවත්වන්න රට ගොඩගන්න ඕනේනම්...
ජනාධිපතිතුමනි, වෘත්තීය සමිති අහෝසි කරන්න.
පිනට කකා හොරා කන 225ක් ඉන්නවා දියවන්නාවේ .උන් රටට බරක් . උන්ට මාසෙට තෙල් ලීටර් 400ක් දෙන්නේ මොකටද උන්ට පෙන්ෂන් දෙන්නේ මොකටද ? උන්ගේ වත්කම් ප්‍රකාශන , පවුලේ වත්කම් ප්‍රකාශන නොගන්නේ මොකක් හින්දද ? දැනට පෙනෙන්නවත් නැති පළාත්සභා වල සභාපතිලට මාසෙකට මිලියන ගණන් ඉන්ධන වියදම් කරන්නේ මොකටද ? මිනිස්සුන්ට වැඩකරන්න කියන එකත් හරි කියමුකෝ , උඹලා වැඩ කරපු නිසාද මේ කෙලවෙලා තියෙන්නේ ??
අයියෝ මේ කාවද රවට්ටන්නේ? අර දියවන්නාවේ ඉන්න තිරමක් ඉන්නේ නිකමු නේද? ඔය ආන්ඩුවේ ඉන්න මැති ඇමතියෝ කරන්නෙම කොමිස් කන එක. මන්ත්‍රීලා මොනවා කරනවද කියලා දෙයියෝ දනී. වැඩ නොකරන අය කියලා කියන්නේ විශ්‍රාම අරමුදලට ජීවිත කාලෙම දායක වෙන මිනිස්සුන්ටද? සේරටම කලින් ඔය ආන්ඩුවේ මන්ත්‍රී හොරුන්ට කියන්න තමන්ගේ හෙන්චයියන්ව රාජ්‍ය ආයතනවලට බොරු රස්සා දෙන එක නවත්තන්න කියන්න. තමන්ගේ ඇගේ පොල් පරාලේ අයින් කරලා ඉන්න ලෝකෙට බන කියන්න කලින්.
ඇයි රාජ්‍ය සේවකයින් විතරක්...? රජයත් යවන්න...
ඔබත් ජීවිත කාලෙම මහජන බදු වලින් ජීවත්වුන කෙනෙක් බව අමතකද?
78 දී පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අවුරුදු 44ක් පාර්ලිමේන්තුවේ ඉඳන් ජනතාවගේ බදු මුදලින් නිකන් කකා ඉන්න කෙනෙක් මෙහෙම කියන කොට, කොහෙන් හිනාවෙන්නද කියලා මට නම් හිතාගන්න බැහැ..
මගුල් ගෙදරක ගිය ආපසු එනවාමයි කියු ඔබගේ යහලු බැංකු හොරා යැයි නම් ලැබු කෙනා අල්ලගෙන එන්න බැරිනම් ගෙදර යන්න.
පාර්ලිමේන්තු කැන්ටිමෙන් නිකන් දෙන කෑම එකෙන්ම වගේම ඩියුටි ෆ්‍රී කාර් නිකන් දෙන මැති, ඇමැති, ලේකම්, නිලධාරීන්ගෙනුත් පටන් ගමු. අනුරාධපුරේ ගිහින් කිව්ව කතාව කොළඹදීත් කියන්න...
නිකන් කන්න දෙන්න බෑ. බැංකුවක් හරි කඩන්න ඕනේ.
අපි නිකන් කාලා නෙමෙයි රට බංකොළොත් වුණේ, මහ බැංකුව මහ දවල් හොරාකාපු නිසා, දේශපාලකයින්ගේ වංචා, දූෂණ නිසා...!
ගොඩක් කාලෙකට පස්සේ සත්‍ය හා අවංක කතාවක්...
හොඳට තිබුණු රට 1977 සිට හොරාකාලාම තමයි විනාශ වුණේ... නිකන් කිලි විතරක් මෙයා පාර්ලිමේන්තුවේ හිටියා නම් මේ රට බංකොළොත් වෙන්නේ නැහැ.
සුද්දාගෙන් අපට නිදහස ලැබුණු දවසේ ඉඳලා ඕක තමයි කෙරුවේ... එක එක්කෙනාට දොස් කියමින් අපිට කරපු එක... අපි අරගල කාරයින් නෙවෙයි. අපිව රවට්ටමින් අපේ දාඩිය මහන්සියෙන් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් අපිව හූරගෙන කාපු යුගය අවසන් කරන්න අපි සූදානම්...!
වැඩ කරන්න බැරි අය ගෙදර යවනවා නම් ඔබටයි පළමුව යන්න වෙන්නේ.. කතාව විතරයි.. වැඩ නැහැ.
පාර්ලිමේන්තුවෙන්ම පටන් ගන්න තිබුණනේ? රටම හොරාකාලා වලපල්ලටම ඇදලා දැම්මේ දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද? ජනතාවට සේවය කරන්න කියලා බලයට ආපු දේශපාලුවන් විඳින වරප්‍රසාද කොපමණද? පිනට කන කෑම වේලත් කොයිතරම් මිලද? ඒ මදිවට හොරකම්, වංචා, දූෂණ කොමිස් වලින් මොනතරම් ගසා කනවාද?
අකිල විරාජ්, සාගල රත්නායක ආණ්ඩුවෙන් පඩි ගන්නවාද? ආණ්ඩුවට ගෙවනවාද?
නිකන් කන අය ඉන්නේ ඔය පාර්ගිමේන්තුව කියන ගව මඩුවෙයි, රජගෙදරයි, අරලිය ගහමන්දිරෙයි, ප්‍රථමයෙන්ම එතැන ඉන්න හැතිකරෙයි ගෙදර යා යුතුය.
1977 ඉඳන් රටකන ඒකමනේ කළේ... අන්තිමට රට බංකොළොත් වුණ නායකයින්ට පිටරට ගෙවල් දේපළ ඇතිවුණා.
ස්ට්‍රයික් කිරීම තහනම් කලොත් ගෙදර කියල මුලින්ම ගිවිසුම් අත්සන් අරන් රැකියා දුන්නම හරි මේ කියනව වගෙ.
ජනාධිපති, ඔබ යන්නේ නැත්තේ ඇයි පළමුව...!
මේ කතා එච්චර ගණන් ගන්න එපා. මෙයා කයිවාරු තමයි කියන්නේ.
පිනට කකා, ඒ මදිවට රටම හොරාකන දූෂිතයෝ වැඩිපුරම ඉන්නේ පාර්ලිමේන්තුවේ ..
ඔව්ව නිකන් ජනතාවට අහෙන්න කියන බොරු කතා . අපි ඔවට නොරැවටෙමු !