(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් කිඳෙල්පිටිය බදු විල පාරෙදි කොල්ල කෑමට තැත් කළ සිව් දෙනෙකු යුත් කල්ලියක් අහසට වෙඩි තබා මෙල්ල කර එයින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත් වී ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු සිවිල් ආරක්ෂක සෙබලෙක් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු පැමිණි බව කියන යතුරු පැදියක් සහ සැකකරු සන්තකයේ තිබූ මන්නා පිහියක් ද පොලිස් බාරයට ගෙන ඇත
රුපියල් ලක්ෂ තිස් පහකට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් අලෙවි කිරීමට ගැණුම්කරුවෙකු සොයන බවට ගාල්ල බූස්ස හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත ලබා දීමෙන් අනතුරුව අනුව මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි අවස්ථාවේදී සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි
එම තොරතුරු ලබාදුන් බුද්ධි නිලධාරීන් මෝටර් රථයකින් පැමිණ ඇති අතර වැට ලිම සඳහා පැමිණි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් වෑන් රථයකින් පැමිණ ඇත
මද වේලාවක දී යතුරුපැදි දෙකකින් එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් අයෙකු නිලධාරියෙක් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 35 කොල්ල කෑමට තැත් කර ඇති අතර ඒ සමග ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි තබා
පිරිස මෙල්ල කිරීමත් සමගම තිදෙනෙකු යතුරුපැදියක නැගී පලාගිය බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර වැල්මිල්ල මෛත්‍රී මාවත පදිංචි අවුරුදු 38 ක පුද්ගලයෙකි .
සැකකරු සමඟ පැමිණි අනෙක් පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි පානදුර කොට්ඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි
නිශාන්ත සේනාරත්න මහතා පැවසීය
සැකකරු බණ්ඩාරගම පොලීසිය වෙත භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති, ආරක්ෂක ඇමැති, අගමැති, ජනාධිපති.. ඔබලා මොනවද කරන්නේ? මත්ද්‍රව්‍ය ගෙන්වන මහා හොරුන් අල්ලපල්ලා. අල්ලන මත්කුඩු, අයිස් එදාම විනාශ කරපල්ලා...!!! මේ රට මහා විනාශකයට යන්නේ, කුරුණෑගල, නුවර, ගම්පහ, පාසල් වල දරුවන් දැරියන් අයිස් වලට ඇබ්බැහි වෙලා. අධ්‍යාපන ඇමැති සද්ද දැම්මා... කෝ !!! හරියට බැලුවොත්, මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙනෙන් අයිස්වලට ඇබ්බැහි වුණු මනුස්සයෙක්. කෝ එයාට ඇබ්බැහි වෙන්න අයිස් ගෙනාපු කෙනා? එයා ඉන්නේ රනිල්ගේ ඔඩෙක්කුවේද? ලන්සාගේ ඔඩෙක්කුවේද? කොයි දේශපාලකයාගේ ඔඩෙක්කුවේද? අපි මැරිලා හම්බ කරලා, බදු ගෙවලා ඒවායින් නුඹලාව නඩත්තු කරන්නේ කඩු මුදලාලිලා රකින්න නොවේ...
තුවක්කු දීලා තිබෙන්නේ අහසට වෙඩි තියන්නද? දනිස් හන්දි වලට වෙඩි තිබ්බා නම් ඒක ජීවිත කාලයටම ඇති.