(අංජුල මහික වීරරත්න)
ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂිකාර්මික වගාවන් හා කෘෂි කර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර සඳහා විවිධ රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, ධීවර ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ මෙම රක්ෂණ යෝජනා ක්‍රමය කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය විසින් මඟින් හඳුන්වා දුන් නවතම රක්ෂණ යෝජනා ක්‍රමය බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින්, අයහපත් කාලගුණික / දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අකර්‌මණ්‍ය වීම් වලදී රක්ෂණාවරන ලබාදීම සිදු කරනු ලැබේ.
තවද, මෙමගින් ධීවර කටයුතු වලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණය හෝ වෙනත් අකර්‌මණ්‍යතාවන් සඳහා ද ප්‍රතිලාභ සැලසෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
රුපියල් 2000ක් වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්ෂ 12 ක මුදලක් වන්දියක් හිමි වේ.
මීට අමතරව පුර්ණ හා තාවකාලික අකර්‌මණ්‍ය තාවයන්හිදී වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමිවීම, එක් කකුලක් අහිමි වීම, පූර්ණ වශයෙන් කථනය අහිමි වීම වැනි තත්ත්වයන්හිදී ඉතා කඩිනමින් වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති අතර මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර රැකියාවේ නිරත අයට මහත් පිටුවහලක් වනු ඇතැයි සභාපති ජාසිංආරච්චි මහතා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවරයන්ට හදිසි අනතුරු රක්ෂණයක්