IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ධීවරයින් ගෙනත් දෙන්නැයි තංගල්ලේ විරෝධතා

(චන්ද්‍රසේන ගමගේ)

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් රෝගාතුරුව සිටි  හා මිය ගිය තංගල්ලේ ධීවර පිරිස  හැකි ඉක්මණින් ගොඩබිමට රැගෙන එන ලෙසට බලකරමින්  ධීවරයින්ගේ ඥාතීන් හා අසල්වැසියන් පිරිසක් අද (29) සවස තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර විරෝධතාවය නිසා තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූහ.

විරෝධතාකරුවන් පවසා සිටියේ මියගිය හා රෝගී වූ තම ඥාතීන් හැකි ඉක්මණින් ගොඩ බිමට ගෙන්වා දෙන ලෙසයි.

තමන් සිද්ධිය පිළිබඳව අද පෙරවරු 9 වන විට අදාල අංශ දැනුම්වත් කළද ඔවුන් කිසිදු පියවරක් ගෙන නොතිබුණු බවට ධීවරයින් ගේ ඥාතීන් චෝදනා කළහ.

විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීම සදහා පොලීසිය උත්සාහ කළ අතර එහිදී විරෝධතාකරුවන් කළහකාරී ලෙස හැසිරිණි. අනතුරුව විරෝධතාකරුවන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට පොලීසියට හැකි වීය.

අද සවස වන විට ධීවරයින් සිවු තිදෙනෙකු මිය ගොස් තිබුණු බව පොලීසිය සනාථ කරනු ලැබීය.

මිය ගොස් ඇත්තේ තංගල්ල පල්ලික්කුඩාව ගොයම්බොක්ක හා අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව ට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

 



අදහස් (9)

ධීවරයින් ගෙනත් දෙන්නැයි තංගල්ලේ විරෝධතා

Pradeep Kumara Saturday, 29 June 2024 08:45 PM

දැන් මේ කාට විරුද්ධවද උද්ගෝෂණය කරන්නේ? මුහුදට එම බෝතල් දාපු අයටද? හොයලා බලන්නේ නැතුව තියන පෙරේත කමට කර ගත්ත දේවල් වලට කවුද වග කියන්න ඕන? මේක ට්‍රැක් ලන්තෙම තමයි

:       4       47

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 08:51 PM

මෝඩ බේබද්දෝ පිස්සු කෙළින ගානට හමුදාව ලෑස්තිවෙලා ඉන්න ඕන උංව බේරාගන්න යන්න. පුදුම ට්‍රැක් ලංතයක්….

:       4       43

Ruwan De Silva Saturday, 29 June 2024 09:21 PM

අරක්කු දැක්කම අපේ උන්ට පිස්සෝ වගේ, මම නම් කියන්නේ මේවාට උද්ගෝෂණය කරලා වැඩක් නෑ, වරද ධීවරන්ගේ

:       1       39

සුධීර Saturday, 29 June 2024 09:25 PM

ඒ මරණ ගැන කනගාටුයි. නමුත් බෝතලේ තිබුණේ මොනවද කියලා බලන්නේ නැතිව පෙරේතකමට බිව්වේ ඇයි. දැන් හැමදේටම උද්ඝෝෂණ. නාවික හමුදා උදව්වෙන් සිරුරු සහ ලෙඩුන් රැගෙන එනබව වාර්තා වෙනවා. ඈත මුහුදේ නම් යාත්‍රාව තියෙන්නේ ගේන්න වෙලා යනවනේ..

:       2       34

Lalla Saturday, 29 June 2024 09:54 PM

අතට අහුවෙන ඕන අසූචි ගොඩක් බොන්න තරම් මෝඩ මිනිස්සු..... කියන විදියට දුර අනුව යන්න බැරිබවක් කියනව නේද? ඒත් දේශපාලනකයන්ට රට වටේ සවාරි ගහන්න හෙලිකොප්ටර් තියනව නේද?

:       5       26

samSunday, 30 June 2024 06:12 AM

මේ දුර පියාසර කල හැකි හෙලිකොප්ටර් ලංකාවේ ගුවන් හමුදාව සතුවිය හැකි වුනත්, ඒ දුර පියාසර කර, ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කර, ඉන්ධන පිරවීමෙන් තොරව ආපසු ඒමට හැකි හෙලිකොප්ටර් ලංකාවේ නැහැ. ගොඩබිම සිට ඒ ස්ථානයට නාවික සැතපුම් 317 බව කියවෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 587 ක්. ගමනට මුළු දුර කිලෝ මීටර් 1174ක්

:       0       11

Lalla Sunday, 30 June 2024 10:26 AM

කරුණු එහෙම නම් එකම විසඳුම ලඟින් යන නැවක පිහිට. ඒත් මේ වගේ කාලකන්නි බේරගන්න එහෙම අයවත් අත ගහයිද?

:       0       9

hasa Sunday, 30 June 2024 12:42 AM

උන දේ උනා.ජිවිත බෙිර ගැනිම මානුෂිය මෙහෙයුමක්

:       2       3

නන්දන පනා-මිලානෝ Sunday, 30 June 2024 10:25 AM

ලංකාව හැදෙන්න නම් මේ වගේ නරුම මිනිස්සුත් නැතිවෙලාම යන්න ඕනේ. මේ මෝඩයෝ තමයි අරක්කු කාලට ඡන්දය විකුනන්නේ…

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site