(ඔගස්ටින් ප්‍රනාන්දු)
මසුන් මැරීමට මුහුදු ගිය ධිවරයින් 200ක් පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත අද (19) උදෑසන වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බවත්, එම ධීවරයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මෙම යාත්‍රා දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්ගෙන් ජාත්‍යන්තර මුහුදෙහි මසුන් මැරීමට ගොස් ආපසු දිවයින කරා යාත්‍රා කරමින් සිටියදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ප්‍රචණ්ඩ මුහුදෙහි අතරමංව ඇත.
මෙම යාත්‍රාවන්ගෙන් බහුතරය හලාවත ධීවර කලාපයේ ඒවා වන අතර මීගමුව හා දික්ඕවිට ප්‍රදේශවල යාත්‍රා ද වෙයි.
මෙම යාත්‍රාවල ධීවරයින්ට ආරක්ෂිත මුහුදු කලාපය මාලදිවයින් මුහුද කලාපය බවත් ඊට නිසි අවසරයකින් තොරව ඇතුළත්විය නොහැකි බැවින් තමන් ඒ සඳහා නිසි අවසරය ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ ඒකකයෙන් ඉල්ලා ඇති බවත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා මේ අතර පැවැසීය.
එම සමිතියේ ඉල්ලීම අනුව මෙම සම්බන්ධයෙන් වහාම මැදිහත්ව රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලා යැවු බවත් පුත්තලම ඒකකය කියයි.
2025 නොවැම්බර් මස 04
328
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2142
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවර යාත්‍රා 30ක ධීවරයින් 200ක් මුහුදේ අතරමං
kolam boss Friday, 19 July 2019 07:09 AM
ධීවර අමාත්‍යංශයේ කට්ටියට ඕවා කරන්න තේරෙන්නෙත් නැහැ දන්නෙත් නැහැ හැකියාවකුත් නැහැ. එයාල දන්නේ පුටුවලට වෙලා ඉඳලා කියක් හරි හොයාගන්න ක්‍රමයක් ගැන හිතන්න විතරයි. පුළුවන් නම් ගොඩබිමට ආවේ නැහැ කියල දඩයක් ගහයි .
de silva Friday, 19 July 2019 09:10 AM
අපේ නායකයෝ විදේශ සමබන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් පිළිබඳව පම්පෝරි ගහන විදිහට මේක විනාඩි කිහිපයකින් එක කෝල් එකකින් විසඳාගන්න පුළුවන් ප්‍රශ්නයක්... නමුත් ප්‍රමාද මොකද?