(තිලකරත්න දිසානායක)
කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත කරන ලද මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙලෙස එකලස් කොට ඇති යතුරු පැදි මෙරට සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට අවසර නොමැති ඇන්ජින් ධාරිතාවය 1000 ප්‍රමාණයේ ඒවා බවත් පොලීසිය පවසයි.
මෙම යතුරු පැදි අතර බී.එම්.ඩබ්ලිව් වර්ගයේ තුනක් සහ ඩුකාමි වර්ගයේ තුනක් වන බවත් මින් යතුරු පැදි පහක් එක් පුද්ගලයකු සතුව සහ එක් යතුරු පැදියක් අනෙක් පුද්ගලයා සතුවත් තිබී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ. ඔව්ව tax එකක් ගහල register කරන්න නීති හදන්න. ඔය bike වල ගිහිල්ල කිසිම අපරාදයක් ලංකාවේ කරලා නැහැ. කරලා බේරිලා යන්න බැහැනේ, speed තිබ්බට වැඩක් නැහැ. හැමෝම දකිනවා නිකම්ම අහුවෙනවා !!!. හැබැයි CT100 /Scooter එකක jacket දාල ගියොත් කොහොමවත් හොයන්න බැහැ නේද.
පොලිස් යතුරුපැදි ධාවකයන් හොඳින් පුහුණු කරවන්න.... මේ අපරාධ අල්ලන්න ඔවුන්ට ඉඩදෙන්න.