(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරාදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය අද (27) පානදුර දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ එහි එන්ජිම දුම්රිය මැදිරි වලින් වෙන් වී ධාවනය වූ බව දුම්රිය මගීහු පැවසූහ.
මේ හේතුවෙන් දුම්රිය මැදිරි තුළ කළුවරේ රැඳී සිටීමට සිදුවූ බව මගීහු සඳහන් කළහ.
පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසන්න වෙනවාත් සමඟ දුම්රිය එන්ජිම මැදිරි වලින් වෙන්වී ඉදිරියට ධාවනය වූ බව මගීහු පැවසූහ.
මේ හේතුවෙන් පැය භාගයකට ආසන්න කාලයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ප්‍රමාද වූ අතර පසුව යථා තත්ත්වයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේවා දැක්කේ ඇමරිකන් මූවීස් වල විතරයි. බලනකොට ඇත්තටම වෙනවනේ..