
රුසියාවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරෝවොයිට් දිවි නසා ගත් බව පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ස්ටාරෝවොයිට් සිය ධුරයෙන් නෙරපා දමා පැය කීපයක් යද්දීය.
හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා වෙඩි තබා ගෙන දිවි නසා ගත් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මළසිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පොලිසියට හමුවුණු බව ද පැවැසෙයි.
රුසියන් ජනාධිපති පුටින්, ස්ටාරෝවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ වෙන අමුතු ක්‍රමේ දිවිනසා ගැනීම් ගැන අපි කලිනුත් අහලා තියෙනවා. ඒ ඔක්කොම ජනාධිපති පුටින් මහතාගේ උදහසට ලක්වූ අයලු..
අපේ රටේ ජනාධිපති කෙනෙකුත් පලවා හැරලා, විලි සංගයක් නැතිව රෙදිත් ඇඳගෙන යස අගේට උත්සවවලට එන්නේ. එයාව ආදර්ශයට ගත්තා නම් ඔය අලකලංචිය වෙන්නේ නැහැනේ...
පුටින් අපේ නාමල්ගෙන් ටියුෂන් අරගත්තාද? කලකට පෙර හොඳට ඇඳගත් මහත්තයෙක් නිදහස් චතුරශ්‍රෙය් නාට්‍යයක් පෙන්නුවානේ...