(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය.
මෙයට අමතරව එම කමිටුව සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාද පත්කරනු ලැබ ඇත.
මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝපා කමිටුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා ප්‍රියශාන්ති සහ මංජුලා දිසානායක යන මහත්මීහු පත්කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 123 විධිවිධාන ප්‍රකාරව මෙම පත් කිරීම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්ථිකය ස්ථාවර කරන්න නම් එකට අදාළ විශේෂඥ දැනුම උගත්කම තියෙන වියතුන්ගේ නිසි උපදෙස් ලබා ගන්නේ නැතුව මේ අරහෙන් මෙහෙන් අහුලා ගත්තු මිනිස්සුත් එක්ක මොන කෙහෙම්මලක් කරන්නද? අපිට නම් මතකයි එදා ගෝටත් ඔය වැඩේට තොර ගත්තු වැඩිහරියක් අය වැස්සකටවත් විශ්ව විද්යාලයටකට ගොඩවෙච්ච අය බව. අඩු තරමින් සමහරුන්ට අපොස සාපෙළ වත් නැහැ. මතකනේ අන්තිමට වෙච්ච විනාසේ. අනිත් අතට මේ රටේ විශ්ව විද්යාලවල අවශ්‍ය දැනුම තියෙන මිනිස්සු නැද්ද?
ධම්මික මහත්මයා පුලුවන්නම් ඔය තනතුර භාවිත කර මේ පාස්පෝට් කන්තෝරුවේ තිබෙන මාස 2 පමණ දිග පොරොත්තු ලේඛනය සහ පෝලිම් අඩුකර ,විදේශ ශ්‍රමිකයන්ට කරදරයකින් තොරව පාස්පෝට් එක ගන්න කටයුතු සලස්වලා දෙන්න
ධම්මික පෙරේරා මහතා හෙමින් වැඩ පටන් ගමු. සුභ ගමන්
පහුගිය දවස්වල ප්‍රසිද්ධ මාධ්‍ය වල කියවුනා නේද රාජ්‍ය බදු නොගෙවන දේශපාලකයින් ගැන ?රාජ්‍ය බදු හරි හැටි අයනොකරන ආර්ථිකය ස්ථායිකරණ කරන්නේ කෙසේද?පාර්ලිමේන්තුව යනු ලෝකයාට විහිලු සපයන ස්ථානයක්ද ?