(යොහාන් භාසුර සහ විමුක්ති එස් රොද්‍රිගු)

ලිංගික අතරව චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ  ක්‍රිකට් තරග වහාම ක්‍රියාත්මකවන පරදි  අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව කියයි. 

ධනුෂ්ක ගුණතිලක මහතා හට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් සිඩ්නි අධිකරණයේ පැවැත්වෙන නඩුවෙන් ධනුෂ්ක ගුණතිලක  වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වෙත අවශ්‍ය සියලුම සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.