(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමට ඔහුගේ නීතීඥවරුන්ට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.
ගුණතිලක මහතාගේ නීතීඥවරුන් සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ නඩුවට අදාල වෙනත් තොරතුරු ලබා ගැනීම සඳහා සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර මහෙස්ත්‍රාත් රොබර්ට් විලියම්ස් මහතා එම ඉල්ලීම සළකා බලමින් එම වීඩියෝ දර්ශන සහ තොරතුරු පරික්ෂා කිරීමට ගුණතිලක මහතාගේ නීතීඥවරුන් අවසරය ලබා දුන්නේය.
ධනුෂ්ක ගුණතිලක අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන බව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය නීතීඥවරුන්ට දන්වා තිබිණ.
ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට ඕස්ට්‍රේලියානු තරුණියක් සිදුකළ පැමිණිල්ල මත කාන්තාවකගේ කැමැත්තකින් තොරව ලිංගිකව එකතු වීමේ චෝදනා 4 ක් මත එම මහතාව ඉකුත් 6 වැනිදා අත් අඩංගුවට ගත් අතර අනතුරුව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්කගේ නඩුවට අදාල වීඩියෝ බලන් නීතිඥයන්ට අවසර
de silva Wednesday, 16 November 2022 09:47 PM
මෙක මම ලියන්නෙ හිතේ වේදනාවට . අපට දැන් ක්‍රිකට් බලන්න එපා වෙලා , මෙ ගොල්ල ඔස්ට්‍රෙලියාවෙ ගිහින් තිබෙන්නෙ ක්‍රිකට් ගහන්න නොවෙ එක එකෙනගෙ වි්‍්‍යාපාර ප්‍රවර්දනයට, බිල විනෝද වෙන්න ලිංගික සංසර්ගයෙ යෙදීම වැනි කරුනු සද , මෙහෙම වුනහම නමීබියාවටත් පරදින එක පුදුමයක්ද? මෙගොල්ල එමිරෙට්ස් , ඉන්ඩියාවෙ , පකිස්ථානෙ , බංගලි දේශෙ සහ බටහිර ඉන්ය කොදෙවු යවුවොත් දිනල ඒ්වි , ඔස්ට්‍රෙලියාවෙ , එන්ගලන්තෙ නවසිලන්තෙ ඇරියොත් සොරි ඩොට් කොම්.
Kumar (Gulf) Thursday, 17 November 2022 01:52 AM
මුගේ බලු වැඩ හින්දා.රටේ මහජන සල්ලි නාස්ති වෙන්නේ.යන හිරේක යන්න ඇරියා නම් ඉවරයි
Shantha Qatar Thursday, 17 November 2022 09:30 AM
නැවත නැවතත් කියන්නෙ, ලංකාදීපයට. කරුනාකරල ඔය මහතා කියනව නම්බු නාමය අයින් කරන්න. මෙයා රට වෙනුවෙන් මොනවද කලේ. සල්ලාල කමේ ගියා ඇරුනාම.